රන්මලී......
මම හැරිලා බැලුවා....පාට ගියපු චීත්ත ගවුමක් ඇදන් උන්න අවුරුදු දහතුනක දාහතරක වගේ පොඩි කෙල්ලෙක්.....පාටයි.......ලස්සනයි........ඒ වගේම ඇගපත තියනවා.....හැබැයි....කෙල්ල වලව්වෙ වැඩකාරියක්ද කොහෙද ......
මට යන්න හිතුන් නෑ...මට යන්න කොහොමත් හිතුන් නෑ......මට ඒත් මෙතන ඉන්නත් බෑ......කන්ද පහලට ගියෝතින් ඇහෙන්නෙත් නෑ....කෙල්ල දැක්කොතින් ඒකත් හරි නෑ.....හැන්ගෙන්න තැනකුත් නෑ.....
මම ඔලුව කස කස වටපිට බැලුවා....වලව්වෙ මිනිස්සු උන් උන්ගෙ ලෝක්වල........කොන්ද නවාගන යන වයසක උන්දෙක් මොනවදෝ මිටියක් උස්සන් පිටිපස්සට ගියා......
මැනිකා...........මේ වරෙන් මේ හාල් එළ කොටපන්.....
මමාහන් උන්නා....මොල්ලිගොඩ මැනිකෙලා ඒ මිනිස්සුන්ට හුස්මක් කටක් වත් ගන්න නොදීවැඩ කියනවා........
රන්මලී.....රන්මලී....මේ කෙල්ල කව්ද........??? මට දැන් මේ නෑ දෑකම් හොයන්න බෑ.....මට නිතේශ්ව ශෙනෝන්ව හොයාගන්න පුලුවන් උනාට මේ නෑ කම් හොයන්න අමාරුයි...ඇරත්....ඒ හිටපු ඔක්කොම දෙනා මෙතන ඉන්නත් බෑ.....
ගේට්ටු කනු එහා පැත්තෙ ඉදන් වෙන දේවල් බලන් උන්න මම යාගන්න තැනක් හැංගෙන්න තැනක් නැතුව එහා මෙහා වෙවී බලන් උන්නා....
රන්මලී කියන කෙල්ල අනේ ඒකිටත් වඩා බර වතුර පනිට්ටුවක් උස්සන් ආවා.... ඒ ඇවිදින් නිතේශ්ගෙ කාර් එක ගාව තිබ්බා .. ..ඒකි ලව්වා කාර් එක හෝදවන්නද.....ඇයි යකො ඕක සර්වීස් එකකට දාපන්කො මගුල....අර කෙල්ල ලව්වා හෝදවන්නෙ...ඒකිගෙ ඇස් දෙකන් පන ගිහින්.......
මම බලන් උන්නා....
.රන්මලී.....
බේබි හාමු.....
අන්න.....අන්න මගෙ හාමුවා......දැන් නම් මට කොහොමත් යන්න බෑ.......අර කෙල්ල මගෙ තේශිට බේබි හාමු කිව්වා.....යෝ ඉතින් මගෙ බිබික්කම් සවාන..........
සාක්කුවට අත් දෙක දාගත්තු මම ගෙවල යකෙක් වගේ වලව්ව දිහා බලාගන උන්නා......රන්මලියා තෙත රෙදි කෑල්ලක් අරන් කාර් එක අතුල්ලනවා....ඒ අස්සෙන් නිතේශ් කතා කරනවා...කතා කෙරුවට තාම ආවෙ නෑ....