එයා ඉන්නවා...වහල උඩ.....කකුල් දෙකත් වන වන......මට පේන්නෙ එයාව විතරයි මම නොදැක්කා උනාට ඔය වහල උඩ තව කීයක් නම් ඇතිද ....උඹට මාව දාලා ගිහින් සමපෝශ ගිලින්ඩ.....
මම රවාගන උන්නා .එයා නෙවෙ ආයම මා දිහා හැරිලා බැලුවෙ අඩුම ගානෙ හිනා උනේ වත් .......
අප්පුච්චියෙ .....
හෙමින්...හෙමින්.....වැටෙයි ....
මම තවමත් උන්නෙ රවාගන ......අප්පච්චි අතේ උන්න කොලුවා අතින් බිමට බැහැලා දුවගන දුවගන එනකොට මම ඒ එන මගට දිව්වා...දුවලා අල්ලගත්තා ....
මගෙ පුතා .ඕකව ඉස්සරහා තියාගන යන්නෙ පරිස්සමින් ........
අප්පච්චිගෙ බයික් එකෙ තෙල් ටැංකිය උඩ ඉදන් උන්න නිකිල්ව මම මගෙ ඇගට තද වෙන්න බෙල්ට් එක තවත් ටිකක් තද කරගත්තා . ..ඒකා හැඩල් එකට අත ගහන්න හදනවා යන්න හදනවා.........
සුදු පුතා පොඩ්ඩක් දගලන් නැතුව ඉදින්කො අප්පච්චි මේක දාගන්නකන් මගක් ගිහින් උඹ වැටෙන්ඩද ...
මම කොලුවට පොඩ්ඩක් සැර උනා.....කාර් එක හදවන්ඩ වකු ගඩු දෙකම වික්කත් සල්ලි මදියි කියලා හිතෙනකොට මට පිහිටට උන්නෙ අප්පච්චි ගෙ ඩිස්කවරිය විතරක් උනා.....මේක තාම ගත්තා වගේමයි.....අපි වගේ නෙවෙ...අප්පච්චිලා අම්මලා හැම දේම සීරුමක් නැතිව පාවිච්චි කරනවා ..මං මේක අරන් දුන්නෙ අප්පච්චි ගෙ උපන්දිනේට ....දැන් අවුරුදු කීයක්ද ....ඒත් තවම ගත්තා වගේමයි.....
අප්පුච්චියෙ ......ම්හුක් අපානේ .....පුතා...ත ....අපානෙ......නිකි....ත්ත.......අපානෙ........
මොනවද එපා.....නිඛිල්ට මොනවද එපා...ම්ම්...කෝ....ඔහොම ඉන්ඩකො දගලන් නැතුව.....පුංචියා මොන විකාරයක්ද මේ අන්දලා තියෙන්නෙ.....
පුන්තියේ ..........දගන්න...අපානෙ....
පුංචි කොහෙද දැගලුවෙ කෝ....මෙ හෙල්මට් එක......යෝහ්...කොල්ලො....දැන් එකක් දෙනවා....උඹට මම.....
ම්ම්ම්ම්හ්.....අප්පුච්..චියේ...අපා...අපනෙ......අපානෙ....අග්ගියේ........හ්....
"උඹට මාන්දමද බන්?ඔය මගුල ලමයගෙ ඔලුවට ලොකු වැඩියි තේරෙන්නෙ නැද්ද...?"