40 වන කොටස..

8.7K 1.2K 438
                                    

මම ඉක්මනට මර ලතෝනි  ගහන මනුස්සයා ගාවට දිව්වා.....එකගෙ පිට කොන්ද රතු වෙලා...ලින් ගැට්ට වැදුන පාරට  තඩිස්සි වෙලා....කෑගන මනුස්සයා උන්නෙ මුනින් අතට වෙනකොට මම ඒකගෙ පිට මැදට ඇගිලි තිය තිය බැලුවා........ආයම ඇගිලි තද කෙරුවා...මහා ලොකුවට දැනුම නැති උනත් දෙයියනේ කියලා මුල් පඩි නැගගන්න මට පුලුවන් වෙනකොට මම ඒකගෙ මස තැලිලද ඇට බිදිලද කියලා බලන්න අල්ලනකොට අරූ සක්වල ගල හෙලවෙන්න හූ තිබ්බා....

මගෙ ....අම්මෝ......හ්හ්හ්හ්......අනේ.......බුදු....සන්තෝ........හෙමින්...හෙමින්...අල්ලපියාව් .....හෙමී..න්න්.....අනේ.දෙයි....යා....හ්හ්......

මම කොන්ද මැද අත ගගා තද කර කර කොතනද වැඩි පුර රිදෙන්නෙ කොතනද වැඩි පුර රිදෙන්නෙ ගගා අහනකොට මූට කියන්න තැනක් නැති උනා....

කොහෙද උඹලගෙ වැඩු පුරන රිදෙන්නෙ...මෙතන....

ආඅ...ව්හ්....අම්මා....ඔව්....අයියො.......මට..බෑ...කැක්කුමයි....කැක්කුමයි........

මෙතන......මෙතන....

මගෙ...සර්වාංගෙම ...කැක්කුමයි....අප්පා...අයියො....ඉහින් ..බහින ලෙඩක් තිබුන් නෑ...අයියෝ.....හ්.....

"ම්ම්...ඇත්තට....උඹට ඉහින් බහින ලෙඩක් තිබුන් නෑ හැබැයි....උඹ ලෙඩ හැදෙන තැනට වැඩ සිද්ද කරගත්තා ...ඒකයි උනෙ...."

දෙයියනේ...අග්නී....

" ඇයි උඹට අමාරුද.....අම්මා අප්පා ඇරුනම...මට උඹ දිහා වෙන උන් බලනවටත් ඊරිසියයි ශිවන්......ඇස් ගලවන්ඩ තරම් කේන්තියි.....මුගෙ ඇට බිදිලා නෑ....තෙල් ගාලා පහතට අත තදකරලා අතගාපන්...ඇගේම බර අතට දීපන්....හරි.......අන්න එහෙමයි තෙල් සාත්තුව ...උඹගෙ පිට පලනවා හුරතලේට අතුල්ලන්ඩ ගත්තොතින්...."

දෙයියනෙගෙ පිහිටයි ..මේකගෙ ඇට බිදිලා නෑ    ....ඒක මටත් දැනුනා..මගෙ අග්නිත් කිව්වා...හැබැයි මට දන්න සාත්තරේ වත් සැනසීමෙන් කරන්න බැරි වෙනවා.......අග්නි පිටිපස්සෙන් ඉදන් පුපුරන පිපිරිලි වල හැටියට අවංකවම මට බය හිතුනා..එයාගෙ කටහඩ අස්සෙ  තෙතමනයක් ගෑවිලා වත් නෑ.....හෙමින් හෙමින් හුරතලේට අත ගෑවොත් මගෙත් පිට පලනවා කිව්වා.......

පිට පුරාවටම තිබුන එක එක කුඩු ...දූවිලි කුනු අයින් කරන්න මම කපු පුලුන් අරගන ඒකගෙ පිට  පිහ දැම්මා..මොකට කියනවද මූ හත් දොහකින් නාලා නැද්දො මන්දා....පිට පිහදපු පුලුන් කුට්ටිය කලු උනා...

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now