ආව්....හ්හ්......
මගෙ යටි බඩ........
වැටෙන්න ගිය මම පුදුම තරම් අමාරුවෙන් සෝෆාව අල්ලගත්තා ....
වේදනාවයි......
වෙනදටත් වඩා මට අද වේදනාවයි හරියටම මගෙ යටි බඩ ඇතුලෙන් තෙල් කටාරමක් පැහෙනවා වගේ....කවුරු හරි යටින් අත දාලා බඩ බොකු එලියට අදින්න හදනවා වගේ ....කොටිම්ම මොකෙක් හරි එකෙක් මගෙ ඇට කටු පොඩි පට්ටම් කරලා මාව කනපිට හරවන්න හදනවා වගෙ.....
අප්පුච්චියේ.......
නි...ඛි...ල්......බලාගන . .වැටෙයි....
මං උන්නෙ තවමත් සෝෆාව අල්ලන් මට ඒ ඔක්කොටම වඩා බය හිතුනා මේකව වැටිලා තොල කට පුපුරයි කියලා ......
වේදනාව එන්න එන්න දරුනු වෙන තැන මගෙ ඉහින් කනින් දාඩිය බින්දු මතු වෙන්න ගත්තා ....මගෙ සර්වාංගෙම ලේ හිදිලා ගිහුන් මාව පත්තර පිටුවක් වෙන්න ගත්තා ...හරියටම ඇග ඇතුලට පරපෝශිතයෙක් රිංගලා මාව සම්පූරනම උරා බොනවා වගේ හැගීමක් එක්ක මං වැනි වැනිම සෝෆාවට වැටෙනකොට කොල්ලා දුවන් ඇවිත් මගෙ ඇග උඩ නැගන් ඇගේම දිගා උනා....ලමයගෙ හිතේ මං නිදියන්න හදනවා කියලා ....
අ.....ග්..නී......
මට කෙදිරි ගෑවුනා....මන්තර පොත අතට අරන් කියවන්න ගත්තු වෙලේ ඉදන් මෙහෙමයි ......
අප්පුච්චියෙ....අයි.....අයි........ම්හුක්....අප්පු ..ච්චියේ........
මට කෙදිරි ගෑවුනා....වේදනාව දරුණුම තැන මට කෙදිරි ගෑවුනා.....මට ඇඩෙන්න ආවා ....අග්නිට අද හෝරා ගානකටවත් ඇහැරෙන්නෙ නැති බව දන්න හන්දම මන් අග්නිට කොච්චර අඩගැහුවත් අග්නි එන්නෙ නැති බව මගෙ හිත සැරින් සැරේම මතක් කෙරුවා .......යකෙක්ටවත් උහුලන්න බැරි උන සෘංගාරෙ අවසානෙදි මාව නොමරා මරන්න ගත්තම මම යටි තොල් හපාගන මල මිනියක් වගේ ඉන්න හැදුවත් කලවයන් වෙව්ල වෙව්ල ඉදලා අවසානෙදි සර්වාංගෙම වෙව්ලන්න ගන්නකොට මට උන්න එකම හයිය මම අවසානෙදි භෛර්ව්ට අඩ ගැහුවා ..කරන්න දෙයක් නැති උනත් අවසානෙදි ළමයා වත් බලා ගන්න මම භෛරව්ට මිමිනුවා........
භෛරව් ........අනේ....කා...ලි භෛරව් ....
දැනුන වේදනාව එක්ක මට අග්නිගෙ අම්මා මතක් උනා.........ඒ ගෑනි නොමැරි මැරෙන්න ඇති...........