ආහ්... ව්....
මාව වැටුනා...හරියටම ...කතරගම....කදසුරිදුගෙ අඩවියෙ ගේට්ටු කද පාමුලට..........කුවන්නා එනවා......මෙච්චර ඉක්මනට කොහොම ආවද...නැත්තන් අනුරූපයක් එව්වද කියන්න මම දන්නෙ නෑ...කුවන්නා එනවා...කෙස් කඩාගන .......තරහවෙන් වෙව්ල.වෙව්ල්........මම තාමත් ගේට්ටුවෙන් එපිට වෙනකොට මට ගේට්ටු කනු පහු කරගන්නවත් පනක් තිබුන් නෑ....
මම....බඩගෑවා........
අහු උනෝතින් මාව මෙතනින් අරන් යන බව දන්න හින්දම....මාව මරාගන්න බැරි උනත් නොමර හරි මරන දන්න මම බඩගෑවා.......
අත පය සීරිනෙවා.........මගෙ දනහිස්වල ලෙලි නෑ......මගෙ වැලමිටවල් වල ලෙලි නෑ...........දනහිස් වලින් පහල වෙව්ලනකොට මම අත් වලින් බඩ ගගා....බඩගගා ඇතුලට යාගන්න මම පුදුම විදිහට දත කෑවා....කුවන්නා එනවා....කුවන්න එනවා.....කුවන්නගෙ ඇස්වල තරහව එන්න එන්නම වැඩිවෙනකොට මම දේවාලෙ දිහා බැලුවා.....සංසාරගත ආදරයක් ඉපදුන කද සුරිදු අඩවිය දිහා බැලුවා.........මාව මරලා දාපු කද සුරිදුගෙ අඩවිය දිහා බැලුවා..............
නැවතියන්......උඹ යන්න හිතන්නවත් එපා ...නැවතියන් ශිවන් ...නැවතියන්........උඹට යන්න දෙන්න බෑ....උඹට යන්න දෙන්න බෑ..................
අඩියෙන් අඩිය...අඩිය ලන් වෙන කුවන්නා ඇතුලට බඩගාන මා දිහා බලාගන පුපුර පුර මට යන්න දෙන්න බෑ කිය කිය මා ගාවට එනවත් එක්කම මට හීනෙන් වගේ දම්වැල් සද්දයක් ඇහුනා.. ....
දම්වැල් සද්දයක්......
ඔව්..දම්වැල් සද්දයක් ... ....
සීනු සද්දයක් එක්ක කුංචනාදයක්...........
මම ඔලුව උස්සලා බැලුවා ඒක හරි....එක හරි.....දම්වැල් සද්දයක්........