උඹ මොකේද දැන් මේ නොදරුවව අරන් යන්නෙ???
................
දැන් උඹ වැඩට ගියහම මේකව බලා ගහන්නෙ මොකාද ??ආ මයෙ පුතා ......?
මගෙ ජීවිතෙන් පැය ගානක්ම මහ පාරට දියවෙනවා අප්පච්චි මට වැඩ කරනවට වඩා මහන්සි වැඩට ගිහිල්ලා ......කාර් එක හදලා ඉවරයි ....මං ලමයව ඩේ කෙයා එකකට දානවා ඇරත් ඒ ගෙවල් දොරවල් පාලුවට යනවා ....මෙහෙම ඉන්න බෑනෙ
අප්පච්චි මගෙන් පන්න පන්න යන්නෙ අයි මොකේද යන්නෙ කොහොමද කොල්ලව බලා ගන්නෙ කිය කිය අහන්න ගන්නකොට මම මගෙ කටට එන දෙ කියලා දැම්මා . ..හිතේ තියෙන්නෙ එක වේදනාවක් උනත් මං පිටට දැම්මෙ තව දෙයක් ...ඒත් අප්පච්චි උනත් අහන ප්රශ්න සීයට දෙසීයක් හරි....පන්ඩිත කමට ලමයව ඩේ කෙයාර් එකට දානවා කියලා මට ගියපු ගමන්ම ලමයව දාන්න තැනක් තිබුනෙ නෑ....අනික මට කොල්ලව ආවට ගියාට දාන්නත් බෑ........මට දවස් දෙක තුනක් ලමයව එක්කන් යන්න වෙනවා ....මට ලමයව ළඟ තියන් වැඩ කරන්න වෙනවා .......ගෙදරට ආයම ලුනු පොල්කට්ටෙ ඉදන් ගන්න වෙනවා............
ඒත් මෙතනට වෙලා පිව්චි පිච්චි ඉන්නවට වඩා මෙතනින් යන එකමයි හොද කියලා හිතෙනකොට මම අප්පච්චි අහන හැම එකටම ගැලපෙන උත්තර දුන්නා....
දැන් උඹ ඔය හදිස්සියේම යන්න හදන්නෙ උඹට මහ මග එහා මෙහා ගිහින් අමාඑඋ හන්දද නැත්තන් වෙන දෙයක් හන්දදමයෙ පුතා.....නැත්තන් අරකි උඹලගෙ ඔලුවට සැරින් සැරේ විස පුරවන්ඩ එන හින්දද......
මෙච්චර වෙලා අග්නි ගැන හිත හිත පිච්චි පිච්චි උන්න මට හිතේ තුන් කොනකවත් උන්නෙ නැති දැහැමියෙක් ගැන අප්පච්චි මතක් කරනකොට මට ඒ තරහව දැහැමිනියාගෙ පිටිනුත් යවන්න හිතුනා....දැහැමිනි ගැන කියන වාරයක් ගානෙම මට අනිත් පාර මතක් උනේ අග්නිගෙ කාවේරි ගැන වෙනකොට මටත් නොදැනිම මගෙ දත් කූරු හැපුනා...
ඔව්....ඒ වෙසගනත් එක හේතුවක් තමා...
මයෙ පුතා.....
අප්පච්චි මම ගෑනි මැරුන මිනිහෙක් බව හැබෑව..මගෙ දරුව තවම කුඩා බව හැබෑව ...ඒ උනාට අම්මලා නැතුව ළමයි හදාගත්තු අප්පච්චි ලා නැද්ද........මට මේ මගෙ ලමයගෙ පිටින් දාලා මගෙ කරට නගින්න හදන ගෑනුන්ගෙන් වැඩක් නෑ අප්පච්චි ...මට මේ ජීවිතේ හොදයි....නිදහස් .....මේ ඇති.....මම හෙට කොල්ලවත් අරන් යනව අප්පච්චි ......අපි දෙන්නටත් ජීවිටයක් තියෙන්න ඕනා....හැමදාම අම්මට අප්පච්චිට බරක් වෙන්න බෑ........