අග්නි ගෙ වචන අහපු මම ඊලග තත්පරේ වතුර පොදක් ගේන්ඩ දිව්වා ..එයා කිව්වා මට දේවාලෙ ඇතුලට එන්ඩ එපාය කියලා . .ඇත්ත ...සංසර්ගයක් නොවුනත් මම අපිරිසිදුයි......මං කොහොමද පය ගහන්නෙ....අම්මගෙත් කිලි දවසට පහන තියන්නෙ අපි...එහෙව් රකින දේවාලෙ ...
තවත් නම් බෑ මට අකීකරු කම් කරන්ඩ....
මන් කුස්සියට ගිහින් වතුර ටිකක් ගෙනත් කලන්තෙ දාපු මනුස්සයගෙ මූන තෙමලා කම්මුල් වලට තට්ටු කරලා මන් කේඩෑරි උන මනුස්සයගෙ සිහිය ආපිට ගන්නකොට මං බලාගන අග්නි ආකාසෙ දිහා බලලා ඉර හොයනවා ...ඕක අම්මත් කරනවා...අම්ම විතරක් නෙවෙ වෙද ගෙවල් වල සිරිතක් ..වැලපිල්ලක් කියාගන එන ලෙඩෙක් ගැන කියාගන එන මනුස්සයෙක් දිහා බලල එයාලා නිමිත්තක් හිතනවා...... ...
මං මැදි වයසෙ මනුස්සයගෙ කම්මුල් වලට තට්ටු කරල ඒකගෙ ඇස් ඇරව ගත්තා ....දුක උහුලන්ඩම බැරිම තැනද කොහෙද මනුස්සයට ඉකි ගගහා හීල්ලෙනකොට අග්නි කියපු විදිහටම වැල් වටාරම් නැතිව ඇබිත්තම්ම ඇබිත්තන් සාක්කියක් විතරක් ගත්තා .......වෙන මොකුත් නෙවෙ ඒකිගෙ සුවද විතරක් ....
බඩින් උන්න වැස්සිලු.....
අවුරුදු ගානක් කිරි දුන්න අම්මලු.....
ඉපදුන ගමන් වහු පැටියා කොල්ලෙක් නම් මස් කඩේට දක්කනවා වෙනුවට ඒකි වදාපු හරක් බාන් තුනහතරකුත් දරුවො වගෙ හදනවලු....කිරි ටික ගන්ඩ ඇරුනම ඒකිගෙන් වෙන වැඩ ගන්නෙ නෑමලු......ඒකිගෙම හරක් පැටව් ලව්වා කුරහන් අබරනවා ඇරෙන්ඩ ඒකලාව කරත්තෙට වත් දුන්නෙ නැත්තෙ නාස් ලනුව බදින හන්දලු.......
දුප්පත් ගොවියෙක් .....දරු පවුල බලන් කුඹුරක් හේනක් කරන් හුස්ම ගන්න එකෙක්..මහ පොලව එක්කලම ඔට්ටු වෙලා ඒකගෙ උරහිස් ඇට පෑදිලා .....ඒකගෙ ගෑනිත් බඩින්ලු. ...ගෙදර වැස්සිත් බඩින්ලු.......බඩින් උන්න වැස්සිට මොකක් හරි උනා කියන්නෙ බඩින් උන්න ගෑනිට මොකක් හරි උනා වගේය කියලා අහිංසක මනුස්ස පරානෙ දේවාලෙ ඉස්සරහ වැද වැටෙනකොට නැති උනෙ බඩින් උන්න කිරි එළ දෙනක් උනත් මිනිහා හොදට වගේම නරකටත් ඉන්න ශිවට පලිගහන්ඩ ගත්තා ....මම කියන්ඩ ඕනා ටික අග්නිට කියලා දේවාලෙ ඉස්සරහා කදුලු හලන මනුස්ස්යා දිහා බලාගන දොරකොඩ ගාව ඉන්නකොට දේවාලෙ ඇතුලෙන් සුවද දුම් කූරු වල සුවදක් නාහෙට දැනුනා....