තු...තාන්....අග්ගියෙ තුත්‍තන්...කෝ...කෝඑත අග්ගියෙ ...
"චුට්ටන් තාම බයිය පුතා වෙලා ඇති..."
නා....නේ.....තුත්තනුත් නානෙ....
"මොනවද චුට්ටනුත් නැත්තෙ...."
තුත්තනු..ත්...ම්ම්...පුතා...නානෙ....
"චුට්ටන් පුතෙක් නැතුව මොකෙක්ද ..."
නකෙක්....නේත ..ආ...අග්ගියේ......අප්පුච්චියේ.....ම්හුක්....අග්..ගියේ ......නකෙක් නේත...ඔව්.....නකෙක්....
"වැටෙයි..වැටෙයි මගෙ පුතාව දැන්....."
අග්....ගි....යේ............
"ඕ..........."
මගෙ ඔලුව ඇතුලෙන් මට දරන්නම බැරි තරම් වේදනාවක් දැනෙනකොට මගෙ වැහිලා තිබුන ඇස් වල එකට ඇලිලා තිබුන පිහාටු මං හරි අමාරුවෙන් ගලවගන්න හැදුවා ...
ලබ් ඩබ්....
ලබ්....ඩබ්....
හදවත ගැහෙනවා .....
මුනින් අතට උන්න නිසාදෝ මෙට්ටෙට තද වෙලා තිබුන පපුවෙන් හදවත ගැහෙන හැටි මට දැනුනා .....ඔලුව පැත්තට හරවන් උන්න හන්දා මට යට වෙලා තිබුන නලලෙ පැත්තෙන් නාඩි වැටෙන හැටි ඇහුනා...එක්කෙ දැනුනා.."චස්..
චස්..චස් "ගානවා....මං හුස්ම ගන්නවා කෙම්මුරක් ගෙවිලා ගිහින් අවසානෙදි මං හුස්ම ගන්නවා....ඒත් මට නැගිටින පන නැ....වැහුන ඇස් ආයම ඇරගන්න ඇත්තු දහකගෙ වත් හයියක් ඕනා කියලා හිතෙන තරමට මං අඩ පන වෙලා උන්නා....මම ජීවත් වෙනවා කියන්න මට දැනුන එකම දේ මම හුස්ම ගන්න එකයි ඒ දෙන්නගෙ කතාව ඇහෙන එකයි විතරක් වෙනකොට මගෙ සර්වාංගෙම මැරිලා ගිහින් කියලා හිතුනා.......ඒ තරම් මම අඩපන වෙලා......
අප්පුච්චියෙ.....
"ම්ම්ම්......"
අප්පුච්චියා..මේ...බයි...බයි..තාම....අයි...
බයි.....තාම...."අප්පුච්චියට මහන්සී....ඒකනෙ...."
ම්ම්ම්....අයි...ඒ....මාන්ති.....අයි...ඒ...ඕ....
අප්පුච්චියෙ...අග්ගියෙ...." යෝ.....හ්....මේකොල්ලෙක් හදාගන තියන කරදරයක් ....නවත්තන්නෙම නෑ කටර් එක මගෙ....."
ඔව්...කරතරයක්...ඔව්....නේ....අග්ගියෙ ....අප්පුච්චියා කරතරයක්........