35 වන කොටස....

7.8K 1.3K 514
                                    

මම වතුරට බැස්ස..හැබැයි බයෙන්..දෙයියනේ මේකගෙ සද්දන්ත......

අග්නී.......ඔයා ඉන්නවද අග්නී....

මම අග්නිටත් කතා කෙරුවා ....මගෙ හිත එයා මේ කොහෙ හරි ඇති කිව්වා උනත් ලමයව තනි කරලා එයා මෙච්චර වෙලා ඉන්නෙ නෑමයි කියලා හිතෙනකොට හොඩ වැලෙන් වතුර අරන් පිටට දාගන්න සද්දන්තයා ගාවට මම ලන් උනේ පපුව ගලවලා අතේ තියන් කිව්වොත් හරි....

මම බයයි....

මගෙ අතින් එක පිට එක වැරදි ගොඩක් උනා...වෙන වැරද්දක් ගානෙම උනේ කතාව මාරු උන එක.....එක අතකට මට හොද වැඩේ.....මම මොන ලබ්බටද අනුන්ගෙ කතා ලියන්ඩ ගියෙ....
මම හින්දා නෙවෙද උක්කුවා මැරුනෙ  ...මම හින්දා.....

ඇත්තම කතාව නම්...මමයි මේ හැම දේම පටලවලා තිබුනෙ ......හැම දේම හරියටම නූලටම අමුනගන්න පුලුවන් කම තියනකොට මම ගියා සම්පූරන වෙච්ච එකක පිට පැනපු නූල් හරි ගස්සන්න......ඒකෙන් උනෙර් මොකක්ද...කල්පයක් දුක් විදලා  එක භවකේනි සැනසීමෙන් ඉවර වෙන්න තිබුන කතාව මම කාලා දැම්මා.......මගෙ අග්නි තවත් දුක් විදිනවා......

අනේ....අනේ මේ පාර නම්මොකුත් වෙන්න එපා...මගෙ අග්නි කියපු විදිහටම ගොම්මනට කලියෙන් ගෙදර යාගන්න තිබුනොත් ඇති .....

මම් හිමින් හිමින් ලන් උනා   ......දෙයියනේ මම මනුස්සයෙක් ...තනි අලියා මුනිච්චි වෙන්ඩ මිනිස්සු බය වෙනකොට  දල මතු උන තනි හස්තියෙක් ට මම බය නොවී  තියේවිද......

අනේ පුල්ලයාර දෙවියනේ මට පිහිට වෙන්ඩ......

මම රට වටේම ඉන්න දෙයියන්ගෙන් පිහිට ඉල්ල ඉල්ල අවසානෙදි ඝන දෙයියන්ගෙනුත් පිහිට ඉල්ලලා අර හස්තියා ගාවට තවත් ටිකක් ලන් උනා.....දැනෙ ඒකයි මායි අතර තියෙන්නෙ එක හුස්මක දුරක් වෙනකොට මම වතුර අහුරක් අරන් තනියෙන් පිට තෙමා ගන්න ඇතාගෙ අතකට දාලා වෙව්ලන්න ගත්තා.....අලින් පාර පොලවෙ ගහලා පාගලා මැරුවා නම් මේ පාර මාව වතුරෙ ඔබාගන ඉදලා මරාවි.....

ඌ මා දිහා බැලුවා.....හැබැයි ඔලුව හරවලා නෙවෙ....ඇහැ කරකවලා........

ඌ ආයම වතුර අහුරක් අරන් පිටට හලා ගත්තා......

මාත් තව අඩියක් ලන් වෙලා ඒකට කතා කර කර මා පුතා මං දරුවෙක් ඉන්න අප්පච්චි කෙනෙක්....උඹට අහිතකට නෙවෙ එකෙක් කරපු පවකට පින් දෙන්ඩයි ආවෙ ...ඒකා උඹගෙම රැහේ එකෙක් කිය කියෝම ලන් උනා...ඌ සද්ද කෙරුවෙ නෑ...කන් පට ගස ගස ඉදලා උගෙ පාඩුවෙ හොඩ වැල වතුරෙ ඔබාගන උන්නා.....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now