චස්........
මම ගුනිකූරක් ගැහුවා......ඇවිලුන ගිනිකූරෙ අමූතු ඩයිනමයිට් සුවද.මගෙ නාස් පුඩු වලින් ඇතුලට ගිහින් ආයම එලියට එනකොට මම පහන් පැලේ පහන ඇවිලුව......ගැට ගස්ලබු ගෙඩියකට රටා තියලා කපලා මං ඒක පුරාවටම හදුන් කූරු ගැහැව්වා.....පෙති තැලෙන්නෙ නැතිවෙන්න කඩාගත්තු සුදු මල් බොකු ගැහුන වතුර පීරිසියෙ පාවෙනකොට මම.බුද්ද පූජාවට කිරි එකක් තිබ්බා ..නිකන් නෙවෙ කිරි තේ එකක්...... බුලත් අතක්...බිස්කට් දෙකක් තුනක්...හැබැයි මම මගෙ ජීවිතේට් මේ වෙනකන් කොහෙදි වත් බුදු හාමුදුරුවංගෙ පිලිම වහන්සේලා ගාවට සල්ලි දාලා නෑ...එලියෙන් තියන පින් කැටේට දානවා ඇරෙන්න.......
හැම දේම අතාරින්න කියපු බුදු හාමුදුරුවො ගාවට මොකටද පොට්‍ට කාසි.....
මං අත්දෙක වැද ගත්තා...පුංචි එකා නිදි තවම....නැත්තන් මං ලමයව වඩාගන එයා එක්ක වදිනව පුංචි උන් වහ තෝරන කාලෙ ඉදන් උන්ව මේවට ලැදි කරන්න ඕනා...පස්සෙ තේරුම් අරගන තව ලන් වෙන එක වෙනම දෙයක්....
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ......
මම අත් දෙක වැදගන ඇස් පියාගන තථාගතයානන් ගාව වැදවැටුනා.....ඒත් මම එක සම්මතයක් ආයම බිද දැම්මා.....හැමදේම අතාරුන්න කියපු බුදු හාමුදුරුවො ගාවට පොට්ට කාසි නොදමන මමම අත් දෙක වැදගන ප්‍රාර්තනා කරන්න ගත්තා ......
මම වෙනුවෙන් නෙවෙ...මගෙ අග්නි වෙනුවෙන්....
මම වෙනුවෙන් නෙවෙ...මගෙ පුංචි එකාගෙ අප්පච්චි වෙනුවෙන් .....
එයාගෙ හිතේ තියන ප්‍රාර්තනාව මොකක්ද කියන්න දන්නෙ නෑ මං ඇහැව්වේත් නෑ.....මොකක්ද කියලා.මට අහන්න උවමනාවක් ආවෙ නෑ......අවංකවම කිව්වොත් මං ආසයි.....අග්නිගෙ උරහිස උඩ ඔලුව ගහන් වෙන උන් වගේ හීන මවන්න....හීන දකින්න....හැබෑ කරගන්න බැරි උනත්...එක දවසක් හරි ඒ හීනෙක ජීවත් වෙන්න.......
මං අග්නිගෙන් අහලා නෑ...මගෙ අග්නි....ඔයාගෙ ප්‍රාර්තනාව මොකක්ද කියලා ...මට බයයි.....එයාගෙන් ඒ දේ අහලා...එයාට ඒ දේ නැති වෙයි කියලා ....ඒත්...මට දැනෙනවා....මගෙ අග්නිගෙ එකම ප්‍රාර්තනාව මම කියලා ......