අප්....අපු....ච්....ම්ම්හ්....අග්....අගි.....අගියේ...ම්ම්ම්ම්හ්හ්...ම්ම්ම්.....
චූටි මැනික.....ඇයි...ඇයි...මේ....ඇයි....දො...යි.........දොයියන්න....දොයියන්න.......
" ඇයි මැනිකෙ....."
ටික්....ටික්.....ටික්.....ටික්.....
ඔරලෝසුවෙ කටු කැරකෙනවා.........ටික් ටික්...ටීක්....ගාන සද්දෙත් එක්ක් ඔරලෝසුවෙ කටු කැරකෙන කොට මගෙ අත් අස්සෙ තුරුල් වෙලා තදින්ම නිදාගන උන්න් මගෙ පුංචි එකා හීනෙන් බයවෙලාද කොහෙද කෑ ගහනකොට අපි දෙන්නවම තුරුල් කරන් උන්න අග්නි දඩ බිඩි ගාල නැගිටන් ඇයි මැනිකෙ අහනකොට ඉබේම ලයිට් එක පත්තු උනා....
එයා නින්දෙන් බය වෙලා අග්නි......
ලයිට් එක දානවත් එක්කම මෙච්චර වෙලාම කට්ට කලුවරේ උන්න මගෙ ඇස් දෙක එක පාර ඇරගන්න බැරි වෙනකොට මම ඇස් දෙක මගෙ අත් දෙකෙන් වහගත්තා ......ලයිට් එලියෙ සැර එකපාරම මගෙ ඇස් වලට දරා ගන්න බැරිව මම තත්පරයක් දෙකක් ඉදලා අග්නි දිහා බැලුවා.......
" නිදා ගනින් මැනිකෙ......ඒකට නරක හීනයක් පේන්න ඇති ...ඕකව මැදින් තියලා උඹත් නිදා ගනින්......තව පැය කීයද......"
නින්දෙන් බය උන ළමයා ආයම පාරක් නිදාගන්නකොට අග්නි මගෙ කම්මුල අත ගාලා නිදා ගන්න කිව්වා....ඇත්ත....වෙලාව දෙකයි..........ට්රේන් එකට දුවන්න...අම්මට බැරි හන්දා අප්පච්චිට දවල්ට උයා ගන්න මොනවා හරි හදන්න ඒවට උදව් වෙන්න.....හරියටම බැලුවොත් මට නිදා ගන්න පුලුවන් තව පැය දෙකයි......ඇවිලුන ලයිට් එක ආයම නිවිලා යනකොට අග්නිගෙ දිගෑරන් උන්න අතේ අත් ගොබේ උඩට මම ඔලුව තියා ගන්නකොට අම්මා නින්දෙන්ද කොහෙද කහිනවා ඇහුනා...පුංචි එකා පනු පැටියෙක් වගේ අග්නිටයි මටයි හිරවෙලා නිදාගන උන්නා....
අග්නී.......
"ම්ම්ම්ම්....."
මම ආයම අග්නිට කතා කෙරුවා ....මං හෙට උදේ පාන්දරම යන්න යවි....අනෙ මං යනකොටත් නිදි පුංචි එකා එනකොටත් නිදාගන ඉදීවි....ඒ මූන බලන්න මට සතියෙ අවසානම දවස් දෙක එනකන් බලන් ඉන්න් වේවි......මට ලෝභයි.....දුකයි.....එත් නොයා කොහොමද ....
අම්මා තාත්තා දරුවො හන්ද අසරන වෙන තැන් තියනවා .....
අතාරින්න ලෝභ තැන් තියනවා.......