අග්නී....
"ඇයි මැනිකෙ.....".
යන්න එපා අග්නි......මගෙ ගාවින් කොහෙවත් යන්න එපා අග්නි....මට බයයි........
අද රෑ සැනසීමෙන් නිදා ගනින් කියපු අග්නි කොහෙ හරි යන්න යන්නෙ කියන එක තේරුන මම මාව දාලා යන්න එපා කිව්වා ..මට බයයි.....සාතන්ට....යක්ශයාට එක එක ස්වරූප තියනවා කිව්වත් අග්නිගෙන් මං ස්වරූප ගොඩක් දැක්කත් මෙතුවක් කාලෙකට මං මේ තරම් භය උනේ නෑ.....මෙතුවක් කාලෙකට මං මේ තරම් කඩා වැටුන් නෑ.........
ඒකි අනිත් පාර ආවෙ අග්නිගෙ රූපෙන්....ඒකි අනිත් පාර ආවෙ මාව විතරක් නෙවෙ නිඛිල්ව ..අපි තුන්දෙනාම මරන්න වෙනකොට පෙර කරපු පිනකට ඒ මගෙ අග්නි නෙවෙ කියන එක මන් අදුන ගත්තා ..........
"උඹට නිදා ගන්න ඕනෙද මගෙ ශිවන් ....."
මාව දාලා යන්න එපා අග්නි....
"නෑ යන්නෙ නෑ.....ඒත් බඩගින්නෙ නිදා ගන්න හොද නෑනෙ....මං කවන්නද ....."
එය මගෙ ඔලුව අත ගානවා...ඇත්ත.....මං බඩගින්නෙ නිදා ගන්නෙ කොහොම ඒත් මට කාපු අනිත් අතට කාපු බීපුවා ආයම යනවනෙ.......ඒත් ඉතින් ඒක හැමෝටම එකයිනෙ ......
ඒත් හැමෝටම එක වෙන්නෙ කොහොමද ......
මං මගෙ බඩට අත තියාගන අග්නි දිහා බැලුවා ....එයා නින්දෙන් අඩපු නිඛිල්ගෙ පස්සට තට්ටු කරන ගමන් උන්නා ....අර මුලින්ම තිබුන සතුට වෙනුවට අග්නි උන්නෙ බර කල්පනාවක වෙනකොට මං එහෙම්ම අග්නි ගාවින් දිගෑදුනා උනත් එයා මට නිදා ගන්න එපා කිව්වා ...හෙට උදෙට මට කෙලින් ඉන්නවත් පන නැතිවෙයි කිව්වා ........
"මගෙ ශිවන් ....නොකා නොබී ඇහැපියවන්න එපා මැනිකෙ උඹට හෙට උදේට ක්ස්ලින් ඉන්නවත් පන නැති වෙයි.. ඇබිත්තන් සයිස් උනත් ඒකත් යක් පැටියෙක්නෙ......"
මම හිනා උනා සූප්පුව උරවන නිඛිලා නින්දෙම්ම චූ දානකොට මං ඉක්මනට අහක බැලුවා . පැම්පර්ස් එක අන්දන්න යනකොට අප්පච්චි කම ඉහට ගහලා අන්දවන්න නොදුන්න අග්නියා ඒ පාර මූනත් දෙක කරගත්තා ...හරියටම අග්නියට චූ ගියා වගෙ .
"ම්...මැනිකෙ...කොල්ලා චූ කෙරුවනෙ........"
චූ කෙරුවා නම් අස් කරන්න පිහන්න ඇයි දැන් ළමයි දෙන්නෙක්ගෙ අප්පච්චි කෙනෙක්නෙ ඔව්වා ඉගන ගනින් අග්නි...මට බෑ මට බබෙක් හම්බෙන්න ...