වෙදමහත්තයා කියපු හැම දේම අකුරක් නෑරම මම අහන් උන්නා එයා කිව්වා මොන දේ උනත් මට මේ පුටුවෙන් නැගිටින්ඩ එපාය කියලා.....
පාට පාට පිරුන එකට පැටලුන මාලෙ අස්සෙ ගනින්න බැරි තරම් පබලු තියෙනකොට එයා මට තන්ගුස කපන්න කියලා කතුරක් ගෙනල්ල දීලා මට ඉස්සරහින් පුටුවක් තියන් වාඩි උනා..නිකන් නෙවෙ කහ ගැහුන කොලයක් වගෙම පරන කාලේ තීන්ත පෑනක් එක්ක ..
දැන් පටන් ගනින් ....ඒකා බලන් උන්නා...ඒකා එසේ මෙසේ බලන් ඉදිල්ලක් නෙවෙ බලන් උන්නෙ...ආත්ම ගානක්....ආත්ම ගානක්...උඹ ඉපදි ඉපදි මැරෙන හැටි බල බල ..උඹට ආදරෙ කර කර බලන් උන්නා...යකෙක් උනත්..ඒකට හිතක් පපුවක් තියනවා ....සුනංගු නොවි කරපල්ලා ඕක....
අග්නී......එයා මට ආදරේ කරලා.....??
මම වෙද මහත්තයා දිහා බැලුවා.......
වෙද මහත්තයා කිව්වෙ අග්නි මට ආදරෙ කෙරුවයි කියලද ...
ඔව්.....ඒක එහෙමයි....
කො..කොයි විදිහට ...යාලුවෙක් වගේ...සහෝදරයෙක් වගේ....
මම වෙදමහත්තයා දිහා බලන් උන්නා..මොකද...මට උත්තරයක් ඕනා....අග්නි මන් වෙනුවෙන් බලන් උන්නලු......ආදරේ කෙරුවලු.....කොයි වගේද .....කොයි විදිහටද ...සහෝදරයෙක් වගෙද ..මගෙ ඔලුව ආය ආය පුපුරන්න හැදුවා ..
අපෙ උක්කුවා ඔය ලමයට මොකක් හරි අපබ්රංස කතාවක් කිව්වද....
මොකක්ද.......
මම වෙදමහත්තයගෙන් ප්රශ්න අහනකොට වෙදමහත්තයා මගෙන් ආපිට ප්රශ්නයක් ඇහුවා...උක්කුවා මොකක් හරි අපබ්රංස කතාවක් කිව්වද අහනකොට මට කියන්න හිතුනා ..උක්කුවා පවා සහමුලිම්ම අපබ්රංසයක් කියලා ...ඒත් මේක විහිලු තහලු කරන වෙලාවක් නෙව්ව් හින්දා ..මට කියන්න දෙයක් ඉතිරි නැති උනා....
ඇයි...අපේ උක්කුවා කිව්වෙ නැද්ද ඒකා මෙහෙ ඉන්ඩ හේතු කාරනාව...
ආ..ආ....ඒක ..කිව්වා.....
ම්න්....ඔය ලමයට හිතෙන විදිහට ඒක හරිද....වැරදිද ...?
මම ..හිතන්නෙ...
මම ඇහුවෙ කෙටි උත්තරයක්....
මම බලන් උන්නා වෙදා අතේ තිබුන තීන්ත පෑන බෝතලේට ඔබන ගමන් මට සැර නොවී සැර උනා....