මිස්ටර් බන්ඩාර ......
මිස්ටර් සිල්වා ....
මං ගිහින් මිස්ටර් බන්ඩාරට අතට අත දුන්නා ඒත් මගෙ ඇස් දෙක හෙව්වෙ ශෙනෝන්ව ....
අර උන්නෙ අග්නි නම්...මේ ඉන්නෙ අනිවාර්යයෙන්ම භෛරව් වෙන්න ඕනා......
අර ඉන්නෙ...බන්ඩාරට අතට අත දුන්න මං ඕනා නම් වචන තුනක් හතරක් කතා කරන්න ඇති .......මට එයත් එක්ක කතා කරනවට වඩා ශෙනෝන්ව අල්ලගන්න ඕනා....
නලින්.....
මිස්ටර් විතේන් ....
විනාඩි පහක් දහයක් දෙන්නම්...මට බන්ඩාරගෙ පුතා ගැන විස්තර ඕනා....
බ්බ්...බන්ඩා...රගෙ
අමාරු නම්....බස් එකේ නැගල ගෙදර ගිහින් අවුරු සතිය
නෑ මිස්ටර් විතේන් ....
ම්ම්ම්....අන්න රයිට්...බේබි බෝයි යන්න.....කලින් පාර වගෙ මේ පාරත් වැඩ ඇනුනොත්...ලෑස්තිවෙලා ඉන්නවා අද රෑට මගෙ අපාර්මන්ට් එකට යන්න ....මොකද මගෙ රට් එක ලගයි.....පේනවනෙ හදත් පායලා ම්ම්ම්....
...................
මං සුදු මැලිවෙලා ඉන්න නලින් දිහා බලලා ඔලුවම කුරුවල් වෙන කතාවක් කිව්වා .....කලින් ආත්මෙ මිනිහා යකෙක් උන හින්දමද මන්ද මට මනුස්ස ආත්මයක් එක්ක යක්ශ ගති ඇවිත් තිබුනා ....ඉස්සර හද පායන කෙම්මුරක් කියන්නෙම සංසාරෙම එපා උනා කියලා කෑගහන දවසක් .....
එත්...දැන්........එයා මාව හොයා ගත්ත වගේම මට එයාව හොයාගන්න වෙලා...එයා මගෙ හිත වෙනස් කෙරුවා වගේම මටත් එයාගෙ හිත වෙනස් කරන්න උනෝතින් .....
මං හිතන්නෙ මට සෑහෙන්න කට්ටක් කන්න වෙයි.......
..කමක් නෑ....ගියපාර කරපු ගොන් කම් වලට හරියන්න මේ පාර ඒවා හදාගන යමු විතේන් .....
නලින් අතුරුදහන් උනා ......කොහෙවත් යන ලයිකන් කෙනෙක්ගෙ මගුලක් අල්ලන් කියවපු මම නලින්ව බය කරනකොටම එයා ශෙනෝන්ගෙ වගතුග හොයන්න සෙනග අස්සෙ අතුරු දහන් වෙනකොට මං ශැම්පේන් ග්ලාස් එකක් එක්ක තනි උනා....
විතේන් ඩි සිල්වා ....විතේන් ඩී සිල්වා ......
මං මගෙම නම මුමුන මුමුන ගමං මගෙ එෆ් බී එකවුන්ට් එකේ උඩට පහලට ගියා.....ගැලරි එකේ තිබුන තවත් හොදම ඵොටෝ දෙකක් තුනක් අප්ලෝඩ් කරපු මං සට සට ගාලා වැටෙන ලයික් කමෙන්ට් බැලුවා වන් කේ පනිනවා ඉතින්.....