අග්නී....
"ම්න්..."
ලයිට් ගියානෙ....
" කොහෙද"
මගුලෙ....ඇයි යකො..පේන්නෙ නැද්ද අන්දකාරයි කියලා...
" පේනවා"
එහෙනම් ගොන් කතා අහන්නෙ...
" ඉතින් දැන් මටත් කරන්ට් එක නෑ කියලා පේනවා කියලා දැන දැන රෙද්දද අහන්නෙ...මෙන්න මෙතනට වෙලා හිටපන් වලිප්පුව හැදිලා දුවන්නෙ "
මම කටවහගත්තා .....අග්නි එක්ක බේරුමක් නෑ....එයාගෙන් දෙයක් ඇහුවොත්.....දෙයක් කිව්වොත් හරහටමයි කතා කරන්නෙ........කරන්න දෙයක් නෑ....එයා මාව එයා ගාවට ඇදලා ගත්තා....දැන් ඉතින් ඉටිපන්දමක් හරි ලාම්පුවක් හරි හොයා ගන්නකන් මෙහෙම ඉන්න වෙනවා...
අප්පුච්චියේ .....ම්ම්හුක්
ම්ම්ම්ම්....ඇයි....
අග්නි උන්නෙ බිත්තියට හේත්තු වෙලා....මම උන්නෙ අග්නිට හේත්තු වෙලා...කොලුවා උන්නෙ මගෙ උකුල් ඇටේ උඩ ඉදගන ....මටත් වඩා උස අග්නිගෙ පපුවෙ ගානට මගෙ ඔලුව හිටනකොට මම ඒ පපුවට ඔලුව හේත්තු කරගත්තා වගේම මගෙ නිඛිල්ට බඩගිනි හැදිලද කොහෙද පොඩි එකා ඈනුමක් ඇරලා කෙදිරි ගාලා අප්පුච්චියේ ගාලා කෙදිරි ගෑවා...
අනේ පුතේ බඩගිනී කියලා නම් කියන්න එපා....මෙ පිටිපස්සෙ ඉන්න අප්පච්චි මගෙ බෙල්ල ගලවයි...මගෙ පුතාට ලයිට් ආවම කුක්කු එකක් හදලා දෙන්නම්.....
ම්ම්ම්...
මගෙ පුතාට..අප්පච්චි ලයිට් ආවම කුක්කුවක් හදලා දෙන්නම්...
ම්ම්ම්ම්....
අනේ කොල්ලො.....
" මොනවද උඹ ඔය කුටු කුටු ගාන්නෙ.."
ම්ම්හ්හ්....අප්පුච්චියේ.....
" ඕ....මැනික......"
මගෙන් කන් දෙක සීතල වෙලා ගියා.....කොලුවා නිදාගනි බඩගින්නෙ නිදිකරවන්න එපා කියපු අග්නිට මම පන්ඩිත කමට පස්සෙ කිරි එකක් පොවන්නම් කියලා කිව්වත් ලයිට් ගිය අස්සෙ කොල්ලා බඩ ගිනී කියනකොට මට හිතුනා අර යකා මගෙ බෙල්ල ගලවයි කියලා .....අග්නිට ඇහෙයි කියලම මම උකුල උඩ ඉදගන කකුල් පද්ද පද්ද ඉස්සරහට පස්සට වැනි වැනි ඈනුම් අරින මහෙ පොඩි එකාට මම කනට කෙදිරුව උනත් ඒකත් අග්නියටම හරියන එකා වගේ ම්ම්ම්..ම්ම්.ගගා දහපාරකට වඩා ම්ම් ගානකොට මට පිටිපස්සෙන් උන්න අග්නි මට සැර කෙරුවා වගේම මගෙ යක්ස පොඩි එකත් ඊලග පාර අග්නියට අප්පුච්චියෙ කිව්වා....