මම බලන් උන්නා......දාපු ඵොටෝ එක දිහා මමම බලන් උන්නා.......එයාගෙ කාර් එකේ පිටිපස්සෙන් රතුලයිට් පත්තු වෙනකොට මම ඔහේ බලන් උන්නා...ඒ එක්කම මගෙ අතේ තිබුන ඵෝන් එක වයිබ්‍රේට් උනා....
නොටිෆිකේශන් එකක්......
කාගෙන්ද.....
දැන් දාපු ඵොටෝ එකට.......නිතේශ් දිසානයකගෙන් හාර්ට් රියැක්ට් එකක් එක්ක කමෙන්ට් එකක් ඇවිදින් තිබුනා ...මේ ටික වෙලාවට 1k පන්නපු කමෙන්ට් ගොඩෙ එයාගෙ කමෙන්ට් එක ගාවම ඇස් නවතිනවා කියන්නෙ........
"එහෙම වෙන්න කියලා මාත් ප්‍රාර්තනා කරනවා"
ඒ එයාගෙ කමෙන්ට් එක....එය දන්නවා නම් ඒක කරන්න පුලුවන් එකම කෙනා එයා කියලා ..... මං එයාගෙ කමෙන්ට් එකට රියැක්ට් කරලා ඉමෝජි එකක් දැම්මා ..මට ඉන් එහා කියන්න දෙයක් නෑ..මොකද එයාව ඇස් පනාපිට දැකපු මං මං උන්නෙ ඇල් මැරිලා .......
ඒ තත්පරෙම්ම මැසේජ් එකක් ආවා...එක එයාගෙ....
" මිස්ටර් විතේන්... සදුදට එන්න...මං අනිවාර්යයෙන්ම ඉන්නව...."
කිව්වට පිලිගන්නවද මට සතුටක් දැනුන් නෑ කියලා .....?වැස්සත් එක්ක මගෙ සතුට හේදිලා ගියා..උඩ පැනලා නටලා කෑ ගහන්න තරම් සතුටක් දැනෙන තැනක උනත් මට ඒකෙ සතුටක් නැති උනා.....
මගෙ ඇස් වලට කදුලු ආව.....
මටත් නොදැනිම මම අඩන ගමන් උන්නා.....
මගෙ ඇස් පනාපිටම එයා අර කෙල්ලව ඉඹගත්තු තැන තිබුන ආදරෙ දැකලා මගෙ හදවතට එක පාර කිනිසි තුඩක් බැස්සුවා වගෙ උනා.....
උඹත් එක තැනකදි මං හින්දම මෙහෙම අඩන්න ඇති නේද මගෙ අග්නි .......
අවසානෙදි මං මගෙ හිත හදා ගන්න මමම හේතු හෙව්වා .....මමම එයාව සාධාරනීකරනය කෙරුවා ...........
මගෙ ඇස්වල කදුලු බලන්න බෑ කියන ගමන් එයාට තනිවෙන්න බෑ කියලා හිතුන හැම තැනකම එයා උන්නෙ තනිවෙලා කියලා කියපු වචන මතක් උන මං එයාගෙ කාර් එක යනවා දැක දැක ඔහේ උන්නා.....
කොතනක හරි නිවීමක් ඇති මගෙ නිතේශ් .......
නුවරට වහිනවා ...අවුරුද්දම හෝදගන යන්න කියලා නුවරට වහිනවා .....