අම්මියෙ.....මේ..අතිත......මේ...අතිත....
කෝ බලන්ඩ......තව ඕනා....
තව....තුත්තක්ත......
ඔව්....තව චූට්ටක් ගෑවනම් ඇති ...බලාගන අත ගෑවෙයි...
ම්ම්ම්ම්
අත...අත ඌයියා වෙයි.......
ම්ම්ම්....ඔව්..නේ.....ඌයියා...වෙයි.....
අග්ගියත....ත්.....ඌයි...යා...කියන්න...
අම්මියෙ....කාටද.........
අග්..ගිය....ත...ඔව්.....ම්ම්....
කව්ද....අග්ගියා...මගෙ පුතාගෙ යාලුවද........
ම්ම්ම්ම්ම්.....
හා....කෝ දැන් ඔය පොල් ගෑවා ඇති......අහකට වෙන්න අප්පච්චිට බයි ගෙනියන්න එපැයිනෙ.....
ම්ම්ම්....
අහකට වෙන්ඩෝ.......
ම්ම්ම්......
යෝ............හ්...කෝ අර චුට්ටන් කෝ කියලා බලන්ඩ....
ම්ම්ම්
චුට්ටන්....ඔය හිරමනේ උඩින් නැකිටපල්ලකෝ....ඉතින්....ම්ම්ම්..ම්ම්ම්..ගගා කපටි කම් කර කර පොල් කනව නේද......ආ...
ම්ම්ම්ම්
යෝ.....හ්.....මයෙ පුතා මෙන්න මේකව ගනින් කියව කියව පොල් කනවා හොරා වගෙ
මගෙ හිත හරියටම දැන් සමනල පිහාටුවක් වගෙ ..ඒතරම්ම සැහැල්ලුයි......මගෙ වැලහින්න වැහිලා වගෙ අඩ අඩ උන්න මම අවසානෙදි කාපු වඩේකුත් නැතිව ආපිට ගෙදර එනකොට අර කලින් ඇඩුව මිනිහද කියල හිතන්නවත් බැරි උනා.....
මම ගෙයි ඇතුලෙන් නොයා කෙලිම්ම පිටිපස්සෙන් ඇවිත් කුසියට එනකොට මගෙ යක් පැටියා හිරමනෙ උඩ ඉදන් ඒකටත් වඩා ලොකු පොල් බෑවක් අරන් ගන්න හදනවා...පොල් ගාන්න හදනව කිව්වට මොකද අර පොල් බෑව වටේම අබිත්තන් දත් පාරවල් තිබ්බා.........
නිඛිල්.....එන්න අප්පච්චි ගාවට...
ම්ම්ම්
කෝ එන්න අප්පච්චි ගාවට ...
අපානෙ....
ඇයි....
ම්හුක්....අප්පුච්චියා ..අපා...නෙ
හිරමනෙ උඩ ඉදන් අම්මට පොල් ගාන්න නොදෙන කොල්ල දිහාවට මම අත් දෙක දෙපැත්තට කරලා අප්පච්චි ගාවට එන්න කියනකොට මේ කපටි කොල්ලා මාව එපා කිව්වා...ඒකට මාව ඕනෙ කනකොට බයිය කරවගන්න ඕන වෙන තැනට විතරයි .......