එකම අහසක හිරුට සඳු
මුණ නොගැසෙන්න හේතුත් ඇති
අපි වගේමයි දෑස් මානෙක
හමුවෙන්න උන් බය ඇති
තවත් බැහැ උහුල ගන්නට
නුඹේ ඇස් මට බර වැඩී
මහ රෑට හීනෙකින් පෙනියන්
ඒ ඉතිං හොඳටම ඇති....(ශෂික සංදීප්..)
මම උන්නෙ බුදුහාමුදුරුවො දිහා බලාගන...කතෝලික උනාය කියලා බුදුන් වදින්න තහහනම් නෑනෙ......මට ඕනෙ සැනසීමක්...කොතනකින් හරි නිවීමක්.........මං එකම දේ මතුර මතුර සිය පාරක් ජප කර කර ඉල්ලනකොට මල කන්කරච්චල්කාර කටහඩක් මගෙ සම්පූරනම දැහන බිදිලා දානකොට මට ආයම නපුරු විතේන්ව ආරුඪ උනා......
"නිතේස් අයියෙ...සෙනෝන්...."දොන්ත බිබික්කමෙක්.....ශ යන්න වෙනුවට සයන්න දදා හුරතල් වෙන්න හදන බිබික්කමෙක්....
හැරිලා බලන්නත් කලින් මගෙ හදවතට දැනුන පලවෙනි දේ ඒක...... මං හිමින් සැරේ හැරිලා බැලුවා ..කුරුම්බැට්ටි මූනක් තිබ්බ එකෙක් ගාව තවත් දෙන්නෙක්......
අඩමානෙට හැරුන මම සම්පූරනම හැරුන හැරිලා සාක්කුවට අත් දෙක ඔබාගන බලන් උන්නා...
යෝ...සෙනෝන්.....ඔය ඵෝන් එක කන එක නවත්තන්නකො....ඔය ඵෝන් එකෙන් තොර ලෝකයක් නැද්ද ..එක අතකට මටත් හොද වැඩෙ ඉගනගන්න කාලෙ ඉගන ගන්නෙ නැතුව පැනලා ගියාට .....