37වන කොටස....

8.9K 1.3K 598
                                    

චටාස්......!!!

ඒ ගහපු ගැහිල්ලට මගෙ ඇස් දෙක වැහිලා ගියා.....

ඒගහපු ගැහිල්ලට මගෙ හුස්ම හිර වෙලා මට කතා කරගන්න වචන නැති උනා......

ඒ ගහපු ගැහිල්ලට මගෙ කන් අඩි පසාරු කරගන ගියා...තත්පර ගානක් කන් ඇහෙන්නෙ නැති උනා වගේම අඩන්න කදුලු ඉනුවෙත් නැති උනා....

චටාස් .....

තව පාරක් ....

චටාස්......

පාර පිට පාරවල්...පාර පිට පාරවල්.........

වේදනාව ඉවසන්න බැරිම තැන මම අග්නිගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.....

ගහන්න එපා අග්නී කියලා ...

මට නෙවෙ ....එයාට.....

ඒ හැම පාරක්ම ගහගත්තෙ මට නෙවෙ දෙයියබෙ එයාට ....

එයා අලුත් වේදනාවක් දෙන්න පුරුදු වෙලා....එයා මට ගහනවා වෙනුවට එයාටම ගහන්න පුරුදු වෙලා....

අනේ...අග්නීහ්   ......එපා...එපා...අනේ..අගෙ....අග්නී...හ්....මාව මැරේවි...එපා අග්නි...අනෙ මං උඹට වදින්නම්.දෙයියො එපා....

යකෙක්ට දෙයියො කියලා කියන්න....

ඒ මොන විහිලුවක්ද......

එහෙම බැලුවම යකෙක්ට ආදරේ කරන එක විහිලුවක් නෙවෙද   ....

මම අග්නිගෙ කකුල් අල්ලන් ඇඩුවා..දැන් ඇති නවත්තන්න නවත්තන්න නවත්තන්න කියලා  ...වස්දන්ඩෙ කෑලි මටවත් හොයන්න බැරි තරමට පොඩි පට්ටම් වෙලා තියනකොට මම ඇඩුවා...ඒ ගහන හැම පාරක්ම වදින්නෙ මගෙ හදවතට    ....මගෙ පපුවට....මගෙ ආත්මෙට...

දෙයියනේ අග්නීහ් ..ඕක නවත්තපන්....ඕක නවත්තපන්...කිව්වම අහලා ඕක ..නවත්තපන් යකෝ....ඕක නවත්තපන්.....යකො....

චටාස්.....

මම.අග්නිට ගැහුවා  ...විශ්වාස කරන්න පුලුවන්ද ....මම යකෙක්ට ගැහුවා....යකු ඕන තරම් මිනිස්සුන්ට ගහනවා...මම අග්නිගෙන් ඕන තරම් ගුටි කනවා....ජීවිතේ පලවෙනි වතාවට මම යකෙක්ට ගැහුවා.....එයාගෙ කකුල් ගාව වැටීගන උන්න මට තවත් හෙන පුපුරන සද්දෙ අහන් ඉන්න පනක් නැති උනා.....මගෙ කන් අඩි පැලිලා ගියා...හදවතට දරන්න පුලුවන් සීමාව පන්නලා තිබුනා අවසානෙදි මම එයාගෙ කම්මුලට අත දිගෑරලා ගැහුවා....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now