අග්නී....අග්නි....අග්නී.....
මම මගෙ පපුවට ගහගත්තා .....දේවාලෙ පහු කරන්..වෙද ගෙදර පහු කරන් යනකොට ගෙදර මිදුල යුධ පිටියකට අන්ත වෙලා තියනකොට යක්කුන්ගෙ ඇදිලා ගියපු අඩි පාරවල් ...හැරිච්ච අඩි පාරවල් විතරක් නෙවෙ....අගුවක පූස් මලකදකුත් තිබුනා...
අනේ...දෙයියනේ....කුප්පමේනිය නේද......
චුට්ටන්ගෙ කුප්පමේනියා......
මගෙ හිතට තවත් වේදනාවක් බරක් එකතු උනා......චූටි මල්ලි....චූටි පුතා වෙච්ච කුප්පමේනියා දරදඩු වෙලා උන්නා....
අනේ...කුප්..........නෑ....දෙයියන්ට ඉස්තූති වෙන්න ඒ කුප්පමේනියා නෙවෙ......ඒ...කුප්පමේනියා නෙවෙ....
මම පපුවට අතකුත් තියාගන එතනම තිබුන කෝටු කෑල්ලෙන් පූසව අනිත් පැත්ත හැරෙව්වා...මට එක පාරම කෑ ගැස්සුනා.....පූසගෙ උඩ හම විතරයි ඇට කටු ඉතිරි වෙන්න සම්පූරනම කාලා...ඒකගෙ ඇග හුබහක් වෙලා ගිහිල්ලා.......
මමඅතින් කට වහගන කෙලිම්ම ගොරකා කැලේට දිව්වා .....එකම දිගට මම හුස්මක් නොගෙම දිව්වා...ඒ හරියම එකම සුසානයක් වෙලා තිබුනා.....යක්කු අඩව් අල්ලපු හැම.තැනකම තනකොල මුලින් ඉදිරිලා ගිහින් තිබුනා.............
ගස් වල අතු කදන් මේ ඔක්කොම කැඩිලා ගිහින් තිබුනා....අමනුස්ස කුයිලෙ තවමත් හතර අත උඩු හුලගෙ යනකොට මට තාමත් යක්කුන්ගෙ විලාපෙ කන් අස්සෙන් ඇහෙනවා ඇහෙනවා වගෙ දැනෙනකොට එ අස්සෙන් හති අරින සද්දයක් පවා දැනුනා..ඒ එක්කම මට අග්නිව මතක් උනා....
උඹට මට වඩා ඒකිව දැනුනද මගෙ අග්නී......
මම මුදුන කඩා වැටිච්ච ගහකට හේත්තු උනා......මගෙ පපුවට වේදනාවයි........හාදුවක් තියනකොට ආපිට හාදු සීයක් විතර තියන ....ලගට අරන් මගෙ මැනික...මගෙ ශිවන් කියන එයාම අද උත්තර ඉල්ලපු තැන බිම බලනකොය මගෙ පපුව හත් කඩකට පැලිල ගියා .....
ඇයි මගෙ අග්නී...උඹගෙ වචන මාව පන පිටින් මරනවා අග්නී...යකෙක් උනත් මම උඹට වහ වැටිලා...යකෙක් උනත් මම උඹට පිස්සු වැටිලා ...උඹ..කිව්වා...උඹ කිව්වා කල්පයක් මං වෙනුවෙන් බලන් උන්නා කියලා ......කල්පයක් බලන් උන්න උඹ එක තත්පරෙන් වෙනස් උනෙ කොහොමද මගෙ අග්නි.....