අග්නී....
" උඹට සහලවලා උන නේ බන්....මම යන්න කලිම්ම උන ගැනෙයි කියලා කිව්වනෙ නේ....".
එයා මාව නෑව්වා...එයාම මාව උස්සගන ආවා...එයාම මගෙ ඔලුව එකම එක වතුර බිදක් නොහොටින්න පිහ දැම්මා...හැබැයි මේ කිසිම දෙයක් මැදින් වෙන කිසිම දෙයක් උනේ නෑ.......ඊයේ නානනකොට තිබුන හාදු වැස්ස තිබුන් නෑ.....ඊයෙ නානකොට තිබුන ආදර වදන් මෙලෝ දෙයක් තිබුන් නෑ......ඒ වෙනුවට තිබුනෙ මගෙ වේදනාත්මක සුසුම් විතරක් වගේම අග්නිගෙ නෝක්කාඩු කතා මාව ගනන් ගන්නෙ නැතිව එහා මෙහා යන හැටි ඔව්වා විතරක්ම උනා...
මට වේදනයි ....නාලා ඉවර වෙනකම්ම මම කෙරුවෙ සමාව ඉල්ලපු එක...ඒත් ඒ එකම වචනයක් වත් අග්නි ගනන් ගත්තෙ නෑ....තඹේකට මායම් කෙරුවෙ නෑ...තනිකරම ගගට ඉණි කැපුවා වගෙ.......ඔහේ මගෙ වචන නාස්ති වෙලා ගියා .....
එයා මාව උස්සන් ආවා...හැබැයි ඒ උස්සන් එනකොට වත් මා දිහා බැලුවෙ නෑ .එයාගෙ ඇස් මා ගාව විහිලුවටවත් නැවතුනෙ නෑ.....එයා කෙරුවෙම මාව මගෑරපු එක..මාව ගනන් නොගෙන උන්න එක.......
එයා මාව ඇද මෙට්ටෙන් තිබ්බා......මම එහෙම්ම නිඛිල් දිහා බැලුවා....එයා ලමයට පැම්පර්ස් එකක් අන්දවලා...හැබැයි දෙපැත්ත මාරු කරලා...නිදාගන උන්න පුංචි එකා මුනින් අතට හැරුනා.....
අග්නීහ්......
තිබුන දුක වේදනා දෙපිටින් යන්ඩ මම කෑ ගැහුවා....
" ඇයි...මොකද...."
ඇයි මොකද අහන්නෙ....උඹ මගෙ ලමයට ගැහුවද....
" මොකක්ද....ආය අහපන් බලන්ඩ...."
මම නැවතුනා...... ඒ ඇස් දෙක දිහා බලලා ඊලග පාර මට කට අරින්ඩ බැරි වෙනකොට මම ලමයගෙ රතු පාට වෙච්ච ඇබිත්තන් තට්ටම දිහාබැලුවා..අනේ මේ යක්සයා මගෙ කොල්ලට ගහල....මම හිමින් අත ගෑවා.......
ඇයි අග්නි ලමයට ගැහුවෙ......මා එක්ක මොන තරහවක් පිරිමැහුවත් කමක් නෑ අග්නි ....ඇයි හය හතර නොතේරෙන කිරි සප්පයට ගහන්නෙ අග්නි......
මම වැරදියට අන්දවපු පැම්පර්ස් එකෙන් එලියට පැනපු තට්ටම අත ගගා ඇයි අහනකොට අග්නි ඇවිත් මා දිහා රවාගන වගේ බලන් උන්නා...