මං ස්ටියරින් වීල් එකට ඔලුව ගහගත්තා ......
ආව්හ්.....
වේදනයි....
අනේ දෙයියනේ මාව මේ පැටලිලා ඉන්න වංකගිරියෙන් එලියට ගනිල්ලකො......
මම ඉන්නෙ තවම එකම තැන උනත් ඒ හැම වේදනාවක්ම අඩුවක් නැතිවම දැනෙනකොට මම මගෙ වේදනා දැනෙන නලල අත ගාගත්තා...මම ආයම පිටිපස්සෙ ශීට් එක දිහා බැලුවා....අර බඩකඩිත්තුව .....ඒ මගුල තියනව......
මං කාර් එකෙන් බැස්සා .....
ඇගට දැනෙන වේදනාව එක්ක මං දන්නවා මේක හීනයක් නෙවෙ කියලා ......ඒත් මට ඒකිගෙ මූන මතක හිටින්නෙම නෑ.....දැකපු තත්පරේදි ඇදිනුවත් මට ඒකිගෙ මූන මතක හිටින්නෙම නෑ.....
මම කාර් එකෙන් එලි බැහැලා එහෙම්ම නොන්ඩි ගගහම නොන්ඩි ගගහම ඇවිත් අර ගෝනි පඩංගුව දිහා බැලුවා අල්ලන්නත් බයයි ........ඒත් මේක ගෙදර අරන් යන්නත් බෑ.......ඒ අස්සෙන් ආයමත් දරුවා අඩනවා......පාරෙ මිනිස්සු දැක දැක මේක විසික් කරන්නත් බෑ......
අප්...අප්පුච්චි...යේ .. ....අම්..මියේ.....හ්........ ....තු....ත්...තා...න්
එනව එනවා......මෙ එනවෝ......
මගෙ කොල්ලට සැනසීමක් නෑ මේ කීවෙනි පාරද.....පව් ....මං අරකිෆෙ ගෝනි පඩංගුව දිහා බලලා ආයම්ස් නොන්ඩි ගගහා ඇවිත් කාර් එක ඇතුලෙන් ඉදගන අඩන කොල්ලව උකුලට අරන් හරහට හරවගත්තා ..හරවන් අනිත් කිරි බෝතලේ කටට ගැහුවා ...
ම්ම්ම්....ම්ම්
හා හා.....මගෙ පුතා....බීලා දොයියන්න.........චූටි කකුලක් වන වන එක අතක් මගෙ පපුවට තියා ගත්තු ළමයා අනිත් පාර මගෙ මූන අත ගෑවා ......සූප්පුව හපනවා කිරිචුට්ටක් බොනවා ..ආයම ඇස් පියා ගන්න හදනවා ............
එයාගෙ ඇස් දෙක පියවෙනකොට මං හිමින් සැරේ පැම්පර්ස් එක අන්දවපු පස්සට තට්ටුවක් දදා ලමයව නිදිකරවන්න හදනකොට පිටිපස්ස ශීට් එකෙන් මොනවා හරි පෙරලෙන සද්දයක් ඇහුනා........මට බලනවා තියා හුස්ම ගන්න පවා බය හිතෙනකොට කොල්ලවත් අරන් දුවන්න බලාගනම මං දොර අරින්න අත තියනවත් එක්කම මහා මූසල මුස්පේන්තු අදෝනාවක් හා සමාන සින්දුවක් ඇහෙන්න ගත්තා ......