වේවැල වදිනවා ඇති........පාර වදින වදින ගානෙ යන්න බෑ කියන පෙරේතයො හූ තියනවා......
පෙරේතයො එහෙමයි...ශරීර කූඩුවට අරක් ගන්නෙ යන්න බලාගන නෙවෙ.....උන් මේ හැම තැනම කැරකෙනවා...සමහර උන් අපි ඇවිදිනකොට අපේ ඇග ඇතුලෙන් පවා එහා මෙහා යනවා..හරිටයටම අපි දුමක් ඇතුලෙන් එහා මෙහා යනවා වගේ.....
අග්නි මේ හැම දේම දකිනවා...දවසක මාත් දකීවි....පහල කජු අත්තෙ එල්ලුන රූපසේන තවම ඒ කජු අත්තෙ ඉන්නවලු.....ඉහට උඩින් නය කන්දරාව ගොඩ ගැහෙනකොට මිනිහට සහනයක් දුන්නෙ මරනෙම විතරක් වෙද්දි ඒකා කෙරුවෙ කජු අත්තක එල්ලුන එක......මැරෙන්ඩ සිද්ද උනාට ඒ මිනිහා ජීවත් වෙන්ඩ ආසාවෙන් ඉන්ඩ ඇති....කරන්ඩ දෙයක් නැතිම කමට ලනුවට බර දෙන්ඩ හිතෙන්න ඇති ...
උත්තර නැති ප්රශ්න මේ ලෝකෙ කොහෙත් නෑලු.....ඒත් සමහර ප්රශ්නවල උත්තරේ තියෙන්නෙ අනන්තෙටත් වඩා දුරින්........ප්රශ්නෙට උත්තරේ හම්බෙන්නෙ ඒ මනුස්සයා මැරුනටත් පස්සෙ....ඒත් සමහරක් උත්තර තියනවා....අද වෙනකන් වත් හම්බුන් නැති.......
දුක....දුක...දුක....දුක.....
මේ සංසාරෙම දුකක්..........
මම කල්පනා කරනවා......ඉපදීම දුකක් කියලා දේශනා කරන හාමුදුරු නමම කියනවා කුසල් රැස් කරන්න.....ඊලග ආත්මෙට ගෙනියන්න කියලා ....ඉපදීම දුකක් නම්....ඇයි ආයම ඉපදෙන්න බලන් කුසල් රැස් කරන්නෙ.....ඒක....ඒ දුක අපි වටේ කැරකෙනවා නෙවෙද.......මට තේරෙන්නෙ නෑ......මමත් තවම සන්සාරෙ.....මම පලි ගහලා එයාගෙම වෙනවා කියලා ...ඉතින්....මම එයා වෙනුවෙන් දීපු පොරොන්දු රකින්න ආත්මයක් ආත්මයක් පාසාම ඉපදි ඉපදි මැරිලා ගිහිල්ලා ...
දෙයියනේ මම යකෙක්ට පවා විදවන්න දීලා.....
.ඇගිලි තුඩු හිස කෙස් අස්සෙ එහා මෙහා ගිහින් සබන් බෝල මතු කෙරුවා කොන්ඩෙ එහා මෙහා කරන වාරයක් වාරයක් ගානෙම මැරුන කෙස් ගහක් ඇගිලි තුඩුවල පැටලිලා වතුර පාරත් එක්ක යන්න ගිහින් අලුත් කෙස් ගහකට ඉඩක් දීලා තිබුනා .....
දේවාලෙ පැත්තෙන් යාතිකා කරන සද්ද....තාලම්පටක සද්ද.....ආයම හක් ගෙඩියෙ සද්ද...මේ හැම දේම සැරින් සැරෙ ඇහෙනකොට මම ඔලුවෙ තිබුන ශැම්පු නැත්තටම නැති වෙනකන් හෝදගන අවසානෙදි ටවල් එක ඉනට පටලවන් එලියට ආවා....