මම බලන් උන්නා........අනේ එයා කවදාවත් කඩ කෑමක් නොකාපු එකෙක් වගේ ඇටෙන් ඇටේ කන හැටි මම බලන් උන්නා...
මට ආපිට යන්න හිත දුන්නෙ නෑ.....එයා නහය කට පිහ පිහ කඩල කනවා..යෝ එක්කො වතුර එකක් ගන්න ඕනා....මේකා මහ නොදරුවෙක් වගේ........
කාලා ඉවරයි වගේ..බලමු.....
එයා කඩල ගොට්ට කාලා ඉවර උනා.....අවසානෙදි පාර පැනලා කාර් ර්ක ගාවට ගිහින් කොලේ ගුලිකරලා සාක්කුවෙ ඔබා ගත්තා........වෙන උන් නම් පාරට හරි විසික් කරනවා.......ඒත් එයා එහෙම කෙරුවෙ නෑ........
යන්නද කොහෙද යන්නෙ....ම්ම්ම්....නෑ....නෑ......
පොඩි එකෙක්.....පොඩි එකෙක් අතිනල්ලන් රතිඤ්ඤා විකුනන ගෑනු කෙනෙක් .....
නි....ඛි...ල්.......
ළමයෙක් දකින දකින වාරයක් ගානෙම මගෙ හිතට මගෙ නිඛිල් පුදුම විදිහට වද දෙන්න ගත්තා..... ....
අනේ...නිතේශ් ....ප්‍රාර්තනා කරපන්.....මගෙ පුතා අපේ...පුතා ..ආයම අපිගාවට එන්න කියලා ...පිනක් තිබුනොත්......විස්වාස කරන්න අමාරුම ලෝකෙක් ජීවත් උනත් අනේ ප්‍රාර්තනා කරපන්...මගෙ කොල්ලව ආයම අපිට ලැබෙන්න කියලා .....
එයා අර පොඩි එකාගෙ අතගාලා ගෑනු කෙනාට මොන මොනවහරි කියලා අතට මොනවා හරි මිටමෙලෙව්වා ......
.සල්ලිද???...
වෙන්න ඇති ........
අවසානෙදි එයා ආර් එකට නැග්ගා........
මගෙ හිතට සැනසීමක් දැනුනා....කාර් එකට නගින එයාව දැකපු මට සැනසීමක් දැනුනා......මෙතන ඉදන් අඩනවට වඩා ගෙදර යන එක හොදයි කියලා හිතුනා...ඒ උනත්.........එයාට ගෙදර ගිහින් වත් සැනසීමක් තියේවිද......??? ගෙදර ගිහින් වත් පාඩුවෙ ඉන්න දේවිද....අර ගෑනි මගෙ කොල්ලගෙ ඔලුව කාවි.......
.අනේ අප්පච්චි .....මගෙ නිතේශ්ව බලාගන්න අප්පච්චි ...මම මෙච්චර ඒකගෙ පස්ස පාරෙ යන්නෙ මට මේ පාර වත් ඒ අත තදින් අල්ල ගන්න ඕන හින්දනෙ.....
එයාගෙ කාර් එකට සෑහෙන දුරක් තියලා ඩ්‍රයිව් කරන් එන ගමන් මම හිතින් නානාප්‍රකාර දේවල් හිතුවා........
එයා අවසානෙදි හැරිලා යන්න ගියා මම එතනම තිබුන සිල්ලර කඩේ ගාව නැවැත්තුවා......ඇති යාන්තන් ..ඒක ඇරලා...ඒකා කඩලකන දිහා බලන් ඉදලා මට බඩගිනී......අපරාදෙ දවල්ටත් මොනවා හරි අරන් එන්න තිබ්බෙ...ඒත් ඉතින් මම කොහෙ යන්නද මේකා හිතුන හිතුන ගමන් අඩ අඩ දුවනකොට කව්ද දන්නෙ හිතේ ආවේගෙට මොන මගුල කර ගනීද කියලා ...??