අරකි මර ලතෝනි ගහනවා........ඉලව් රකින්න ආව කොල්ලො කුරූට්ටො....දීග යන සයිස් ඉලන්දාරි......ශ්‍රීලංකන් එයාර් ලයින් එකේ එයා හොස්ටසලා කියලා හිතාගන අර යන්තමට ඇටෙන් පොත්තෙන් බේරුන උන්ට පේන්න රගන තවමත් පපුව ලෑලි වගේ තියන තේ අල්ලපු එකීලා වගේම ආව සනුහරේම එබි එබි බලනකොට මමත් ගිහින් ඉස්සිලා බැලුවා...
මගුල මට උස නෑ ...ඉන්න උන්ගෙ ඔලු ගොඩ හින්දා මට මර ලතෝනි ගහන දැහැමිනියව පේන්නෙ නෑ...මම ඇගිලි තුඩු වලින් ඉස්සුනා.....
"පත්තර පිටුවක් තියන්නද මගෙ මැනිකෙට....."
අග්නී...ඕකා ඔහොම්මමයි.....මූට එක එකාගෙන් ඇහෙන එක හොද කතාවක් වත් මතක නැති උනාට කුනු කතා ඇනුම් පද ඔක්කෝම මතකයි....එයා මගෙ පිටිපස්සෙන් ඉදන් මට පත්තර පිටුවක් දෙන්නද අහනකොට රූපෙ නැතිව කටහඩ විතරක් ඇහුන යකා මහත්තයට රවාගන්න බැරුව මම වට පිට බලලා ඉන්න දිහාව කොහෙද කියලා හොයන්න බැරි වෙන්න මූ ඇනුම් පදේ කියලා දුවලා හින්දා කාටත් හොරාවට හතර වටේටම මැද ඇගිල්ල පෙන්නලා සෙනග අස්සෙන් දැහැමිනීව හොයන් ගියා....
අම්මටම සිරි.....දැහැමිනීට හැමිනිලාම ගිහින් තියෙන්නෙ....ආ....හක්.....සුපිරි.....ආය....සු..පි....රි.....සී...ඕ.. ආර් ඒ කොර!!!දැහැමිනිට ඔය උනුසුමෙම්ම තුවායකුත් එතුවා නම් ඒකිට පන පිටිම්ම දිව්‍ය ලෝකෙ ගේට්ටුව ගාවට ගිහින් ආපිට එන්න පුලුවන් කමක් තිබුනා .....
ඇත්තටම අග්නි අපාය එහෙම දැකලා ඇතිනේ....නැතුව යයිද ..අම්මා ගාව උන්නට...දෙයියන්ට ආව තේව කම් කරන් දේවාලෙ අස්සෙ බිබික්කමක් වගේ උන්නට...අග්නියා ඕක දැකලා ඇති......
අරකිගෙ කදුලු අස්සෙ....එයා මගෙ හිතේ ඉතිරි කරලා යන්න ගියපු වේදනාව අස්සෙ මට තවත් බහුබූතයක් ඔලුවට එනකොට එයා කොහෙ ඉන්නවද කියලා හිතා ගන්න බැරිව මම වටපිට බැලුවා .....
මේ යකා කොහෙ මගුලෙ යනවද මන්දා.....
" ඇයි මොකද උඹ සකබඹරෙ වගේ කැරකෙන්නෙ..?"
එයා මාව කෙනිත්තුවා...දැන් මගෙ තට්ටම කොයිවෙලේ හරි හිල් පෙනේරෙයක් වෙනවා...මේකා මහ වනචර යකෙක්...ගැහුවොත් ගහන්නෙ පුකට....කෙනිත්තුවොත් කොනිත්තන්නෙත් පුක....කලිසම ගලවලා බැලුවොත් පුකට ඩෙංගු රක්තපාතෙ හැදිලා වගේ රතු ලප.....