අග්නී........
මම දඩි බිඩි ගාල අග්නිගෙ දිහාවට හැරුනා....ඒ මූන වෙනදටත් වඩා සුදුමැලි පාටයි.....වෙනදටත් වඩා එයාගෙ මූන ගුප්තයි......එයා හිනා උනා....හැබැයි එ හිනාව ඒ හිනාව විශ්වාස කරන්න අමාරුම හිනාවක්........
අග්...නී.....
මම කෙදිරුවා......මම කොදුරන ගමන් එයාගෙ නම කිව්වා ....ඒත් අග්නි නෙවෙ කතා කෙරුවෙ .....ඒ වෙනුවට එයා මගෙ ලගට ආවා.......
අග්නී.......අනේ....අග්නී....කතා කරන්නකො....අග්නී...අනේ............හ්....
" උඹගෙ හීන මොනව වගේද......?"
එයා අහනවා මගෙ හීන මොන වගේද කියලා .....අනේ දෙවියනේ මම කටක් ඇරලා කියන්නෙ කොහොමද ...කියනවා කෙසේ වෙතත්....ඒ හින...ඒවා හීන නෙවෙ...ඒවා තනිකරම මරනීය වේදනාවල්.................මට එක තත්පරේකට අග්නිට තුරුල් වෙන්න ඕනා උනා.......ඔෆිස් එකේ හීනෙන් බය උන මට අවසානෙදි ගෙදරදිත් මගෙ නින්ද නැති උනා...........
අග්නී.....මාව...එක පාරක් තුරුල් කරගනින් මගෙ අග්නී.....මට....මට වේදනාවයි.....මට බයයි......
මම එයට මාව තුරුකර ගන්න කිව්වා.....මම එයාට මට බයයි කියලා කිව්වා........වෙනදට බයවෙන්න එපා කියන එයා අද මොකුත් නොකියා උන්නා..............ඒත්.....මොකුත් නොකියා උන්නත් එයාට මගෙන් අහගන්න දේවල් හුගාක් තිබුනා..........
" මගෙ මැනික.....දැන් කියපන්කො....ම්ම්ම් උඹගෙ අග්නී ලගනෙ ඉන්නෙ......"
අග්නී.....ඒකි....ඒකි ඇවිදින් කේලන් කියලලු අග්නී...........මට නිදා ගන්න හිතෙන් නෑ අග්නි....මට බයයි....මට වේදනාවයි.....මගෙ සර්වාංගෙම වේදනවයි.....අනේ අග්නී.....ඒවා හීන උනත්......ඒවා හීන උනත්.....ඒ.වේදනාවන් මට ඇහැරුනාම පවා දැනෙනවා අග්නී...........
මම එයාට තුරුල් වෙලා ඉදන් මුනු මුමුනු ගෑවා....එකක්.මට කතා කරන්න බෑ.....අප්පච්චි වගේම අම්මා දැන් ඉන්නෙම මම කාවහරි පටලවන් කියන දේ උඩ වෙනකොට මට කතා කරගන්නවත් බැරි උනා...... .
" ම්ම්ම්ම්......ඒකි දැන් දන් උඹගෙ හීනවලටත් එනවා ඒ කියන්නෙ.....?"
අග්නී........?????
මම පුදුම උනා .....මම ඉක්මනටම එයා දිහා බැලුව.....එයා කියනවා එකි මගේ හීන වලටත් ඇවිල්ලා කියලා ....එතකොට .....එතකොට මගෙ අග්නි.දන්නවද මට වද දෙන්නෙ මොකිද කියලා මගෙ අග්න දන්නවද......ඒ ඔක්කොමත් එක්ක ඒකි අග්නිගෙ යක්පැටව් ගැන කියපු එක මතක් වෙනවා එක්ක මගෙ අත ඉබේටම බඩට ගියා වගේම අග්නි මගෙ දිහා ඇස් හීනි කරන් බලාගන උන්නා....