17 වන කොටස....

8.9K 1.5K 579
                                    

මොකක්.....ආරාද්‍ය ........උඹ මොනවද ඔය කියවන්නෙ...මගෙ උක්කුවා.....උඹට...උඹට ඇත්තටම මැනයාවද .....ආ....

උඹ එහෙද ඉන්නෙ කියපන්.....උඹ ඉන්නෙ...සංජානගෙ ගෙදරද..මට ඒක කියපන්කො...

ඔව් යකො...මං ඉන්නෙ ඒකගෙ අත්තම්මග් ගෙදර ...

මම අර කොල්ලා එනවා දැක දැක ඵෝන් එක අරගන ඉක්මනට වෙන පැත්තකට ගියා ..වෙන මොකටවත් නෙවෙ..මට මේක විස්වාස ක්රන්න බැරි උනා...ආරාද්‍යට කෙල්ලෙක් ඉන්නවා...එහෙව් එකේ..මෙහෙම පටලැවිල්ලක්......

ආරද්‍ය ....උඹට ඇත්තටම පිස්සුද....නැත්තන් හැටිද......උඹ මේ කොල්ලව රවට්ටනවද.....උඹට කෙල්ලෙක් ඉන්නකොට මේ කොල්ලව රවට්ටන්න......

මට දුක හිතුනා....අවංකවම දුක හිතුනා...කිරි මහත්තයා කිරි මහත්තයා ගගා කියවන උක්කුවා ගැන දුක හිතුනා........

මට ඌව රවට්ටන්න ඕන් නෑ...හැබැයි....මේ වෙලාවෙ ඌ වෙනුවෙන් කරන්න තියන එකම දේත් මේක විතරයි ......සංජානගෙ කොල්ල මැරුනා...ඌ ඔය කිරිමහත්තයා ..කිරි මහත්තයා ගගා කියවන එකා මැරුනා නිශ්මික........උගෙ කොල්ලා...උගෙ කොල්ලා වෙන කවුරුත් නෙවෙ මගෙ හොදම යාලුවා ....උඹට ..නොපෙනුනාට  ...උඹට නොදැනුනාට ...ඔය කොලුවා ඉන්නෙ එච්චර හොදින් නෙවෙ නිශ්මික.....

ක්...ක...කවුරු.......විසල්??උඹ..කියන්නෙ.....අර...විසලා....

ම්න්.......

මාව තත්පර ගානකට ගොලු උනා..එහා පැත්තෙ ඉදන් ආරාද්‍ය කියවනවා...කියවනවා...ඉවරයක් නෑ......මට හිතන්න බැරි උනා...මට හිත ගන්න කොහොමත් බැරි උනා....විසල් නැති උනා කිව්වට දන්නවා..ඒත් විසල් ආදරේ කරපු කොල්ලයි මේ ඉන්නෙ කියලා මට විහිලුවට වත් හිතන්න බැරි උනා....මේ කොල්ලගෙ  පලහිලව්ව නවත්තන්ඩ කියලා මෙහෙ ගෙනාවා කිව්වට ....ඇත්ත කතාව නම්...මේ කොල්ලාගෙ අම්මා තාත්තා මූට පිස්සු හැදෙයි කියලා බයට මෙහෙ ගෙනත් තියෙන්නෙ ........

මගෙ පපුව නවතින්න වගේ ආවා......විසල් නැති වෙලා තුන් මාසයක් වෙන්න  තව  සති දෙක තුනක් ඇති ...එතකොට ...එදා ඉදන් .මේ වෙනකම්ම....උක්කුවට කතා කරලා තියෙන්නෙ ආරාද්‍යද.......ඒකත්...කඩින් කඩ ....මැසේජ් එකක් දෙකක් දදා මේ කොල්ලව මෙහෙම හරි තියන් ඉදලා තියන් ඉදලා තියෙන්නෙ ආරාද්‍යද  ..?මේ කොල්ලා පිස්සුවෙන් වගේ කියවන කිරිමහත්තයා ........

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now