47 වන කොටස....

8.3K 1.2K 421
                                    

අග්නී....

" ම්න්..."

මට නින්ද යන්න එනවා...ඒත් මට අග්නිව දාලා නිදාගන්න ලෝභ හිතුනා......එයා උන්නෙත් මාව තුරුල් කරන් ඒත් මට ඒකත් මදී හිතුනා...

" ඇස් පිල්ලම් ඇද ඇද ඉන්නෙ නිදාගනින්කො....."

එයා මගෙ නහය මිරිකුවා....එයා කියනවා මට නිදා ගන්න කියලා ...මට හිතා ගන්න බෑ මේ ලෝකෙ මාව පිස්සු වට්ටන එයා ගාව ඉදන් කොහොම ඇස් පියා ගන්නද කියලා ......එයාගෙ සීතල ඇගිලි නොයන තැනක් නෑ....මාව පිස්සු වැටෙන්න වගේ.......මට නින්ද යන්නෙ නෑ...නින්ද කියන දේ පෑල දොරින් පිට වෙලා යනකොට මම නැගිට්ටා නැගිටලා ඉදගත්තා .....

අග්නි....

"ම්න්..."

මට ලෝභයි....

" මොනවටද...."

උඹ වගේ උඹතුවක් ළඟ තියාගන නිදා ගන්න......උඹ වගෙ අධිමාත්‍රාවක් ල්ග තියන් නිදා ගන්න....මං නිකන් වස්තුව හන්දා පිස්සු වැටුන ලෝභයෙක් වගෙ අග්නි.......මසුරන්ට වස්තුව ළඟ තියාගන නිදාගන්න බෑ වගේ...මට උඹව ලග් තියාගන නිදා ගන්න බෑ....මේක මොන විදිහෙ උමතුවක්ද අග්නි......

" මැරෙන්ඩ තරම් ආදරෙයි කියන්නෙ ඔන්න ඔය හැගීමට.........උඹට ලෝභයි වගේම මටත් ලෝභයි  ..උඹට ඇහැරන් ඉන්න හිතෙනවා..මට උඹව මරලා දාන්න හිතෙනවා ...."

එයා මා දිහා බලන් ඉදලා මේක තමයි මැරෙන්ඩ තරන් ආදරෙයි කියලා කියන හැගීම කියනකොට සත්තයි මට හිතුනා මැරිලා යනවා නම් කියලා .....ඒත්....මට අවසර නෑ........මට මැරෙන්නවත් අවසරනෑ....ඒත් එහෙමයි කියලා මට දැන් ජීවත් වෙන්න හිතෙන්නෙත් නෑ......

" අග්නිගෙ අඹුව..."

මාව සීතල වෙලා ගියා....සමනල්ලු කෝටියක් මගෙ බඩ ඇතුලෙ පියාඹනවා වගේ හැගීමක් මට දැනෙනකොට මම ඒ නම හිත ඇතුලෙන් ලක්ශ කෝටි වාරයක් කොයා ගන්න ඇති.....ඒත්....ඒ නම....අග්නිගෙ අඹුව කියන එක....ඒ  සීතල කටහඩින් කියවෙනකොට ...ඒක....ඒක වෙනමම උමතුවක්....වෙනනම පිස්සුවක්......මට වෙලාවකට හිතෙනවා...ඔහොම ගිහින් ගිහින්...අග්නි මාව මරල දායිද කියලා .....හරියටම අර හැරීපොටර් එකේ මායා කැඩපත වගේ මම අග්නිගෙ මායාවට අහුවෙලා උන්නා.......

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now