අග්නී.....යන්න එපා අග්නී.......
මම මිමිනුවා......මට ලෙහාගන්න බැරි ගැට ගොඩක් පිරුන නූල් බෝලයක් හා සමාන ප්රශ්න ගොඩක් අතට මිට මොලවලා එයා යන්න යනකොට මෙච්චර වෙලාම එයාගෙ ඇගට තුරුල් වෙලා උන්න මගෙ නිඛිල් කෙදිරි ගගා ඉදලා අඩන්න ගන්නකොට මම එයා නිදියපු පැත්තට ගිහින් දිගෑදුනා ....
අග්නී.....
මගෙ ඇස් වලට කදුලු මතු උනා...සීතල ඇගිලි වලින් අත ගාන..හිතක් පපුවක් ණෑ වගේ වෙලාවකට මාව මරන්න හදන එයාගෙ උනුසුම එයා ඇද මෙට්ටෙ ඉතිරි කරලා ගිහින් තිබුනා...මේ තාක් කාලෙකට එයා මට එයාගෙන් දැනෙන්න දුන්නෙම සීතලක් වෙනකොට මගෙ පුංචි එකා හරි සනීපෙට එයාට තුරුල් උන හේතුව මට දැනෙනකොට කදුලු මටත් නොදැනීම මගෙ කම්මුල් තෙමන් යනකො මගෙ කොලුවා අඩන්න ගත්තා ....
අම්මියෙ............හ්හ්.....
ඕ......අයි ...ඇයි මගෙ සුදු මහත්තයා මේ අඩන්නෙ.....මගෙ පුතා ඇයි මේ.....
එයා අඩනවා නවත්තනවා මගෙ මූන දිහා බලන් ඉන්නවා......ආයම අඩනවා...අඩන්න කට හදනවා....ඒ චූටි පපුව වේහෙන් ඉහල පහල යනවා...ආයම චූටි නාස් පුඩු පිම්බි පිම්බි ඇකිලුනා.....
ඇයි අම්මියො.... ඇයි මේ..මගෙ සුදු මහත්තයට ඇයි මේ දුක හිතිලා ඇයි මගෙ පුතාට මේ දුක හිතිලා....ආ රත්තරන් .......
එයා අඩන්න හදනවා.....එයා කාව හරි හොයනවා ...මොනවා හරි මතක් කර කර අඩන්න හදන ගමන් මගෙ බෙල්ල බදාගන උරහිසට උඩින් ඇස් දෙක කරකව කරකව ආයම මා දිහා බැලුවා....
අප්පුච්චියා....අප්පුච්චියෝ....
ඕ.....අප්පච්චියා මේ ඉන්නෙ....මගෙ පුතාට මොනවද ඕනෙ....කුක්කු පිටි හදා දෙන්නද.....
මම කොල්ලව චුට්ටක් හෙලෙව්වා ....එයා අඩනවා...අඩනවා කිව්වට හොයනවා.....වට පිට බලනවා....පුංචි උන් හරි දක්ශයි මතක් කර කර දුක් වෙන්න....මගෙ කොලුවා මොනවා හරි මතක් කරනවා.......අප්පච්චි කිය කිය එයා හොයන්නෙ කාවද..... අග්නිවද......?
අප්පුච්චියෝ........ම්ම්ම්හුක්...කෝත....
අම්මියේහ්.....අප්පච්චි මේ ඉන්නෙ.....මේ ඉන්නෙ මගෙ පුතාගෙ අප්පච්චි .....