අප්...පු...ච්චියෝ.......
ඕ........
කෝ....නානෙ...
මොනාද ..නැත්තෙ....කෝතුවද....ඒක කාක්කෙක් අරන් ගිහින් නේ....මගෙ පුතාට වෙන එකක් දෙන්නද . ..
වෙන...එකක්....දෙන්නත .....
ඕ....වෙන එකක්......ඒකෙ ඈක්කනෙ......
ඒකේ...ඈක්..කනෙ.....
ඒකනෙ......
මම ලමයව වඩා ගත්තා .....බිමට වැටුන බිස්කට් එක මං වටෙම හෙව්වත් ඒක ඒක අතුරු දන් වෙලා තිබ්බා...
අර යකා ලමයගෙ අතෙ තිබුන බිස්කට් එකත් කාලා....
"උඹ බලන් උන්නද මං කනවා?"
දෙ...යියනෙ...අග්නී...ඔහොම බය කරන්න එපා ....
මං හිතන්නෙ මං මගෙ කටට ප්ලාස්ටර් එකක් නොගැහුවොත් අද හෙටම එයාගෙන් මැරුම් කනවා .....
බිස්කට් එක කෑවා කියලා මං කුටු කුටු ගගා දෝශාරෝපනේ කරනකොටම එයාගෙ කටහඩ ආයමත් මගෙ කන් පිටිපස්සෙන් ඇහෙනකොට මාව ගැස්සිලා ගියා...දැන් හෝරා කීයක්ද ....එයා මගෙ ඇස්වලින් වහන් වෙලා....එනවා බනිනවා යනවා ...එක වචනයක් හින්දා එයා කොච්චර නන් පලි ගන්නවද ..මහ යකා වගේමයි....තාත්තගෙම පුතා තමයි.....
මං එයාට හිතින් පුලුවන් තරම් බැන්නා...ඒ සීතල හුස්ම මගෙ බෙල්ල පිටිපස්සට වදිනකොට මට හිතුනෙම එයා දැන් වත් පේන්න ඇවිත් ඇතිකියලා ....ඒ උනත් තරහා ගිය වෙලේට ඒ ඇස් ඒ මූන දිහා බලන්න මං අනන්ත අප්රමාන තරම් බය වෙනකොට මං හිමීට මගෙ කිහිල්ල යටින් බැලුවා එයා ඉන්නවද කියලා ....
ඒත් එයා නැ.....එයා උන්නෙ නෑ....දැන් ඉතින් මේක තව කෙම්මුර දෙක තුනක්වත් එයා අල්ලනවා .....මට ඉබේටම හුස්මක් පිට උනා වගේම වම් පැත්තෙ කන් පෙත්ත රත් වෙලා ගියා ....
"මාවද හොයන්නෙ..."
අග්නී....ඔහොම කරන්න එපා අග්නි...වෙලාවකට එන්නයි ....වෙලාවකට යන්නයි ....හිටපු ගමන් ගහන්නයි ....ආයම අඩනකොට සනසන්නයි ....එපා අග්නි....වෙලාවකට මගෙ හිත ගැස්සෙනවා ...මං සමාව ඉල්ලුවා ..... ඒත්....සමාව නොදී...ඔයා මට සැරින් සැරේම මේ කරන විපරියාසෙ මොකක්ද අග්නී.....