අග්නී...
මං එයාට කතා කෙරුවා ...එයා නෙවෙ ඔලුව ඉස්සුවෙ ...එයා නෙවෙ රෙද්දෙන් එලියට ආවෙ...කිව්වත් වගෙ අග්නිට ලැජ්ජා හිතුනද.....
අග් ..නී....
එපා මාව අල්ලන්න....
අග්නි...ඇයි ඉතින් ලැජ්ජා...
එයා මට අල්ලන්න දුන්නෙ නෑ....එපා අල්ලන්න කිව්වා...මං දැක්කා අග්නිගෙ කන් රතු වෙලා තියනවා ....මම බලාගන ඒ උරහිස් ඉහල පහල යනවා ..
.ඇත්තටම මේකට මේ තරම් ලැජ්ජද.....මං හිමීට හිමීට බෙඩ් ශීට් එක උස්සලා එක පාරම ඇදලම දැම්මා....මට කෑ ගැස්සුනා ....අනේ අම්මේ කියලම කෑ ගැස්සුනා ....අනේ...අම්මේහ්හ්....
අග්නි....මෙච්චර වෙලාම විකාර කියවපු අග්නි මෙච්චර වෙලාම මාව අත ගාපු අග්නි.....එකම එක තත්පරෙන් වෙනස් වෙලා..ඒ ඇස් ඉරේ රතු පාටටත් වඩා රතු පාට උනා.....ඒ මූන සම්පූරනම සුදු මැලි වෙලා ගිහින් තොල්පට අගුරු පාට වෙලා තිබුනා..බලන් ඉන්නකොට උල් දත් මතු වෙලා නියපොතු පවා දික් වෙන්න ගත්තා ...
අග්...නි....අග්...නී..
මට කතා කරන්න බැරි උනා....එතන උන්නෙ මං ජීවිතේටවත් නොදැකපු අග්නි කෙනෙක් ....මමදැගලුවා..මට එලියට දුවා ගන්න ඕනා උනා....
අනේ..අග්..නි....මම...භ්හ්භ්....භ්හ්
.."මට..එකව හොයා ගන්ඩ ඕනා....ඉෆ්‍රිත්ව ගෙන්නඩ තරම්......මගෙ උඹව මරවන්ඩ.....ඉෆ්‍රිත්ව ගෙන්නවපු එකාව..මට හොයා ගන්ඩ ඕනා......."
අග්...න්න්න්...භ්භ්..හ්.....
අග්නි උන්නෙ මගෙ ඇග උඩ.... පුරුක් එහා මෙහා උනා හා සමාන වෙදනාවක් දෙන කොන්ද තව තව වේදනා දෙන කොට අග්නිට බයේ ගැහුන මම කෑ ගහන්න හදන කොට අග්නි මගෙ කට අතින් තද කරගත්තා .....මගෙ ඇග උඩ උන්න අග්නිගෙ බර ඇත්තු දහයක් හා සමාන වෙනකොට අත් ගොබ හයිය මට හිතා ගන්ඩ බැරි උනා....
මම දැගලුවා......මං එයාගෙන් ගැලවෙන්න හැදුවා ඒත අග්නි නෙවෙ මාව අතෑරියෙ .....මම වේදනාවෙන් ඇඹරුනා .....අග්නිගෙ මූන බලන්න බැරිතරම් බය හිතෙනකොට බයටම මටසොහි මුර්ජා වෙන්න ආවා වගේම අග්නි මගෙ මූනට පහත් උනා....