රණබටේ ගුරුකම....
මම එයාගෙ කටහඩ ආව පැත්තටඔලුව හැරෙව්වා.....ඒක මොන තරම් අසික්කිත ගුරුකමක්ද...දරු ගැබ හිර කරනවා කියන්නෙ..මොන වේදනාවක්ද.........
අම්මා....
මයෙ පුතා කෙල්ලව අල්ලපන්...කෙල්ලව අල්ලපන්....දෙහි ගෙඩියක් මතුරන්ඩ.....
අම්මා කෙල්ලගෙ....
පොඩ්ඩක් හිටින් මං බලන්නම් .....පොඩ්ඩක් හිටින්.....
මම හූතියන කෙල්ලව වත්තම් කරගන්නකොට මට තේරුනා අග්නි මට අනිත් පැත්තෙන් ඇවිත් කෙල්ලට අත ගහනවා ....
අප්පච්චි ......
ඇතුලට යන්න....ළමයා අඩනවානේද...
මම උන්නෙ එයා එක්ක ගැබ්බරීව වත්තම් කරන් වෙනකොට අඩන ළමයා නලවගන්න බැරිවද කොහෙද එලියට එනකොට මම ආයම එයාට සැර කෙරුවා එයා ලමයව උස්සන් යන්න ගියා.....
කෝ අල්ලහල්ලා....අල්ලහල්ලා....
අම්මා මතුරපු දෙහි ගෙඩිය අරන් හිස් මුදුනට අල්ලලා මතුර මතුර කපනකොට කෙල්ල හූ තිබ්බා. ..හූ තිය තිය පරල වෙවි....දගලනකොට මං කෙල්ලව දම දාලා අල්ලන් උන්නා....බුදු ගුන එක්ක මතුර මතුර දෙහි ගෙඩිය කපනකොට කෙල්ල අවසානෙදි කටින් සෙම පෙරාගන හති ඇර ඇර කදුලු හලාගන ඇගේම සිහි නැති වෙනකොට මං කෙල්ලව අල්ලන්
උන්නා....කෝ හිටින් මේ වතුර ටික ගාන්ඩ...
මගෙ ඇගේම සිහි නැති උන කෙල්ලට අම්මා වතුර ගානකොට ඒකි අව්සිහියෙම්ම කෙදිරි ගගා ඉදලා අවසානෙදි කදුලු පුරවන් ඇස් අරිනකොට කෙල්ලගෙ අම්මලා කෙල්ලව වාරු කරගත්තා වගේම අම්මා සෑහෙන්ඩ වෙලාවක් බලන් ඉදලා දේවාලෙ ඇතුලට ගියා වගේම ඒ චුට්ටකින් මං බලාගන රතු දොර රෙද්ද හෙලවෙනවා.....
මං කෙල්ල දිහා බලන් උන්නා ඒකි කොන්දට අත තියාගන උන්නෙ පුදුමාකාර අමාරුවකින් වෙනකොට උඩට අන්දලා තිබුන බෙඩ් ජැකට් එකෙන් එලියට ආව නෙරපු බඩගෙඩියෙ නහර වැල් පවා ඉලිප්පිලා තියනකොට අම්මා පහන තියලා මන්තර කියන එක ලාවට ඇහෙනකොට මන්තර සද්දෙ ඇහුන මට ලාවට ඇස් අඩවන් වෙගන ආවා....
බාගෙට වැහුන ඇස් පියන් වලට පෙනුනෙ කෙල්ලගෙ නෙරපු දරු ගැබ විතරක් වෙනකොට අදුනකින් අන්ජනමක් පෙනෙන්නා හා සාමනවම මට කෙල්ලගෙ නූපන් දරුවව පෙනුනා...වැදෑ මහ ඇග් පුරාම එතුන එකා කොලු පැටියෙක් වෙනකොට දින ලන් වෙලා තිබුනත් පහලට රූට්ටන්න නොදී පෙකෙනි වැල් වලින් ළමයා හිරවෙලා ඉන්න හැටි මං අර ලේ නහර වලින් පවා දැක්කා.....