50 වන කොටස...

7.6K 1.2K 328
                                    

අග්.....නී....හ්හ්.....අ....ග්..

මම එයාගෙ උරහිස් වල එල්ලුනා....මම හිතුවෙම එයා මගෙ බෙල්ල අනිත් පැත්තට හැරෙව්වා කියලා ......නෑ....ඒත් නෑ........එයා කෙරුවෙ මගෙ බෙල්ලෙ හිරි කඩපු එක...උඹව මරන්නද මැනික කියලා කියපු එයා මගෙ බෙල්ල අනිත් පැත්ත හරවනකොට කට කටස් ගාලා බෙල්ලෙන්  සද්දයක් ඇහෙනකොට මම එයාගෙ උරහිස් වල එල්ලීගන අග්නීහ් ගානකොට එයා ගානක් නැතිව මගෙ බෙල්ල අනිත් අතටත් හැරෙව්වා ....ඒ එක්කම එයා මාව ඇතෑරියා ...........

අනේ....අනේ......අග්....නී......හ්....

"මොකද....ම්ම්ම්..."

අග්  නි ....මගෙ බෙල්ල.......

" බය උනාද.....ම්ම්ම්....උඹ බය උනාද මගෙ ශිවන්...උඹ මට බයයිද....."

මගෙ ඔලුව අත ඇරෑපු එයා ඊලග පාර එයාගෙ දිග නියපොත්තකින් මගෙ නලල දිගේ පහලට ඇදන් ආවා.......බය උනාද....ම්ම්ම්..උඹ බය උනාද මගෙ ශිවන් කිය කිය එයා අර නියපොත්ත මගෙ නාස් පොල්ල දිගේ පහලට ඇදගන එනකොට සත්තයි මම බය උනා මාව සූරයි කියලා ......

ඒ කටහඩ......

අවංකවම ඒ කටහඩ වෙනදටත් වඩා සීතලයි ...ඒ වගේම හරි බරයි.........එයා මගෙ ඇස් දිහා බලන් උන්නා...ගානක් නැතුව මගෙ බෙල්ල දෙපැත්තට හරවපු එයාට මගෙ බෙල්ල සම්පූරනම අනිත් අතටම කරකවන එක මහා ලොකු දෙයක් නෙවෙ  .........මම බලන් උන්නා..මගෙ හදවත ගැහෙන ගැහිල්ලට මට හිතුනා මගෙ හදවත  පුපුරයි කියලා ..පපුව පලාගන  එලියට එයි කියලා ...මම එයාට බයයිද කියන එකත්  එයා ඇහුවෙ මාව තවත් බයකර කර වෙනකොට මටත් නොදැනිම  මගෙ ඇස් කොන්වලින් කදුලු වැටුනා වගෙම  එයා මගෙ ඇග උඩින් අයින් වෙලා අනිත් පැත්තෙන් ඇල උනා....

" ගානක් නැතිවම බෙල්ල දෙපැත්තට කරපු මට ඕක අනිත් අතටම කරකවන එක මහ දෙයක් නෙවෙ......ජීවත් උනත් උඹ මගෙ....මැරුනත් උඹ මගෙ.....ඒත්.....කලපයක් පෙරුම් පිරුවෙ   තවත් පවක් පුරවගන්න නෙවෙ ....කිරි කලේකට ගොම බින්දුවක් දැම්මොත්  මුලු කිරි කලේම අහක දාන්න වෙනවා....කල්පයක් තිස්සෙ එක එකා වෙනුවෙන් පිනට වැඩ කරපු මට එක තත්පරෙන් පව් පුරවගන්න බෑ ශිවන්   ......"

මට එහා පැත්තෙන් වැතිරිලා උන්න අග්නිගෙ කටහඩ ඇතුලෙ තිබුන නපුරු කම ටික ටික හේදිලා යනවා වගෙ දැනෙනකොට මං හිමීට මගෙ ඔලුව හරවලා බැලුවා   ..

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now