67වන කොටස...

6.2K 1.1K 470
                                    

"උඹ මොනවද උගෙ ඔලුවට පිරෙව්වෙ භෛරව් ....???"

".........................."

"උඹ හොදටම දන්නවා ඌ ඉන්නෙ භයවෙලා කියලා .....එහෙව් එකේ උඹ තවත් මොකක්ද ඌට කෙරුවෙ ......???"

"........................"

"උත්තර දීපන් කාලි භෛරව්  ....නැත්තන් මං උඹව මෙතනම මරලා දානවා.....උගෙ සිහි විකල් වෙන්න උඹ මොකක් කිව්වෙ??"

"කාවෙරි ගැන....."

"උඹ..........."

"ඉතින් ඒක බොරුවක් නෙවෙ.........ඒකිට උඹ ආදරේ කෙරුවා අග්නි......ඇයි හංගන්නෙ......අරකි ඒක කිව්වා ......ඒකෙන් උගෙ හිත බිදුනා.....එහෙම නෙවේද අග්නි අමරේන්ද්‍රන් ....??"

"රැවටීමක් තිබුන තැනක කොහෙද භෛරව් ආදරයක් ...."

"................ඒත් ශිවන්ට කලින් උඹ ඒකිට ආදරෙ කෙරුවා අග්නි....ඒක නෑ කියන්න බෑ....ඒක කොහොමත් නෑ කියන්න බෑ උඹට"

"ඔව්.....මං ඒකිට ආදරේ කෙරුවා ......මං නෑ කියන්නෙ නෑ...."

මගෙ ඇස් කොන් වලින් වැටුන කදුලු බින්දුව කොයි තරම් උනුසුම්ද කියනවා නම් සමහර විට කොට්ටෙත් පිච්චෙන්න ඇති .........මම මගෙ අත් වලට අහු උනු ඇද රෙද්ද මට පුලුවන් තරම් තදින් මිරිකගත්තා ...මට ඇද රෙදි ඉරන්න හිතුනා  ...ඉන්නෙ කොතනද    කොහෙද කියන්නවත් මං දන්නෙ නෑ ..... ..කාර් එකට හැප්පුන මාව අඩිගානක්  පාරෙ ඇදිලා යනවා විතරක්  මතක මං ආයම ඇස් අරිනකොට  මට ඇහුනෙ භෛරව් ගෙ වගේම අග්නිගෙ තරහව ඉහවහ ගියපු අග්නිගෙ කටහඩ විතරක් ඇහෙනකොට  අග්නි ඒකිට ආදරේ කෙරුවා කියන වචන  ඇහෙනකොට මගෙ පපුවට පිහිපාරවල් ඇන්නා හා සමාන වේදනාවක් මට දැනෙනකොට තව දුරටත් මට උහුලන් ඉන්නම බැරි තැන මම ඇස් ඇරියා .......

පපුවට දැනෙන වේදනාව හන්දම ඇස්වලට උනපු කදුලු කැට ඇස්වලටත් බර වැඩිවෙනකොට  මම ඉන්නෙ කොහෙද කියලා ඇස් කරකවලා බැලුවා .....

අග්නිගෙ සිරියහන් ගබඩාව ......සුගන්ධ තෛලයෙන් ඇවිලෙන මැටි පහන් වල කහ පාට දැල්ල කදුලු පිරුන ඇස් වලට බොදවෙලා පේන කොට මම නැගිට්ටා ....

සපත්තු මේස් තියා කලිසමක් වත් නැති නිරුවත් කකුල් පොරවලා තිබුන විල්ලුද රෙදි වලින් එලියට ඇවිදින් තියනකොට වලලු කර ගාව රතූ වෙලා තිබුනා ...ඇදේ ඉදගන්නවත් එක්කම කොන්දට දැනුන වේදනාව එක්ක මට කෙදිරි ගෑවෙනකොට මම උන්නෙ ඇගේ නූල්පටක් වත් නැතිව කියන එක බිම තිබුන මගෙ ඉරිලා ගියපු ඇදුම් සාක්කි දෙනකොට  එතනම වතුර පුරවපු පිත්තල භාජනයක් වගේම ලේ වැදුන තෙත රෙදිකඩක් තිබුනා.....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now