හෙනරාජ තෛලය ....
මම හෙනරාජ තෛල හදන හැටි බැලුවා...ඒක ලේසි නෑ.....නිකන් පොල් තෙල් හිදිනවා වගේ ..කරන්නම් වාලෙ නෙවෙ....ඒ හැම තෙලක්ම හදන්න ඕනේ පේ වෙලා.....නැකත් බලලා.....පන පොවලා......
ම්ම්ම්.....
මම අග්නි දිහ බැලුවා...මාව කිටි කිටියට තුරුල් කරන් උන්න එයා නින්දෙන්ද කොහෙද කෙදිරි ගෑවා.....මගෙ අත හිරි වැටිලා...එයා මගෙ අත උඩ දැන් සෑහෙන්න වෙලා....විනාඩියක් ඇස් පියාගන්නම් කියපු අග්නිට අනේ තදිම නින්ද ගිහින් උන්න අග්නිට නින්දෙම්ම කෙදිරි ගෑවෙනකොට අත හිරි වැටිලා තිබුනත් මට අත අයින් කරගන්න හිත දෙන්නෙ නැති උනා...
මගෙ ආදරනීයම අග්නී....
මගෙ නපුරුම අග්නී....
මගෙ ඊරිසියාකාර අග්නී....
මම එයාගෙ ඇහැ ඇරෙන්නෙ නැති වෙන්න මම එයාගෙ නලලට වගේම කොයි වෙලෙත් මට මාව මරනවා කියන කටට හිනී හාදුවක් තිබ්බා.......තියලා මම ආයම් පොත දිහා බැලුවා...
මට කියවන්න ඕනා....වෙන මොකටත් නෙවෙ...මට මේ කෙම්මුරේ පහු උනායින් පස්සෙ ආයම වැඩට යන්න වෙනවා.......කාර් එක..ඵෝන් එක....මේ ඔක්කොම ආයම හදවගන්න වෙනවා.........එයා කිව්ව කඩවර පූජාවක් තියන්ඩයි කියලා ....අම්මලා එන්නෙ අගහරුවාදා ......බදාදා මට කලාවැවට යන්න වෙනවා....බ්රහ්සතිපතින්දා.....
මට ලොකුම ලොකු හුස්මක් පිට උනා........ඔෆිස් එකට ගිය වෙලේ ඉදම්ම මූසල ලොක්කගෙ කටේ තියෙන්නෙම මගෙ නම විතරක් වෙනකොට මට ඒක එක්ක ඔලුව උස්සන්න බැරි බව මතක් වෙනකොට මට වැඩට යනවට වඩා හොදයි වහ ටිකක් බොන එක හොදයි කියලා හිතුනා.....
පුංචි එකා...අනේ ඒකට මම වැඩට ගියහම......අම්මා අප්පච්චි උන්නත්..අම්මා.ඉන්න වෙලේට අග්නියට හැම වෙලේම දරුවා ගාවට යන්නත් බෑ.....චුට්ටන්ලා එක්ක වත් උන්නොත් හොදයි අනික කොල්ලා චුට්ටන්ට හරි ආදරෙයි.....ඌත් වක්කඩයක් වගේ කට තිබ්බට කොල්ලට ආදරෙයි.....
මම අග්නිගෙ පිට හිමින් අත ගෑවා ...පොරවන් උන්න සිනිදු රෙද්ද හන්දා ඇගේ තියන හැම රේකාවක්ම පිටට පේනකොට වෙන්දට සීතල අග්නි අද උනුසුමට උන්නා..........එයා නිදි......හැමදවසකම ඇහැරන් ඉන්න මගෙ ආදරනීයම අග්නි නිදි.........මම ආයම පොත දිහා බැලුවා....