57 වන කොටස....

7.5K 1.1K 412
                                    

" මගෙ ශිවන්......"

.මාව ගැස්සෙනවා......සීතල හුලන් වදිනවා...........ආයමත් එයාගෙ ලෙස් රැලි මූනට වැටෙනවා........නින්දත් අඩ නින්දත් මැද මම එයාට තුරුල් වෙලා ඉන්නකොට එයා මට කතා කෙරුවා...බඩ ගින්නක් දැනුනා උනත්  මට ආයමත් වමනෙ යයි කියන බයට මම මීක්  නොගා උන්නා උනත් එයාට තුරුල් වෙලා උන්න මට කට ඉරෙනකන්   ඈනුම්  පිට ඈනුම් යනකොට එයා මාව තුරුල් කරන් උන්න අතෙන් මාව අත ගගා හිමින්.කතා කෙරුවා .....

" බඩගිනිද....."

ම්ම්ම්.........

"ම්ම්....තව ගව්වක් ඉවසපන්......යක් දෙස්සියක් ඉන්නවා.....මේ මුකලානෙ......"

අනේ අග්නී.....

"ඇයි.....යක් දෙස්සියක් කිව්වම බය උනාද....ම්ම්ම්...මම ඉන්නවනෙ....."

එයා ආයම මිමිනුවා.......තරහව කියන දේ ඉහවහ යන යකෙක්ට උමතුවෙන් ආදරෙ කරන මම හූනියම් අම්මන්ඩියෙට බය උනා.....තරු පායපු රැත්තිරියක කෝච්චි පාරක් ඇස් වලට පේනතෙක් මානයක් නැතිව ගස් කොලන් මීදුම තෙත හුලන් එක්ක මම එයාට තුරුල් වෙල උන්නෙ නොදරුවෙක් ගානට වෙනකොට අග්නි ආයම මාව ඉස්සරහා පැත්තට හරවන් අභාගෙ තෝන් ලනුව දුන්නා...

" ඉදා...පැදලා බලපන්......"

අග්නි ....

" ඇයි........පුරුදු වෙයන්........"

ඒ එයාගෙ වචන එයා මට කියනවා පුරුදු වෙන්නලු......රත්ත්‍රන් පාට අශ්වයගෙ පාට මද අන්දකරෙ බාගටෙ බාගයක් උදුරන් තිබුනත් සැරින් සැරේ එලියට මතු වෙන හද එලිය  අභාගෙ වගේම අග්නිගෙ පාට එලියට පෙන්නුවා.............

" මගෙ මැනික......."

මගෙ සර්වාංගෙම හීතල වෙලා ගියා......ඒත් මෙච්චර වෙලා දනුන හීතල නම් නෙවෙ.....ආදරේ උතුරන කටහඩ මගෙ සර්වාංගෙම හිරි වට්ටනකොට එයාගෙ සීතල අත් දෙක මගෙ බද වටේ එතුනා වගේම අග්නිගෙ නිකට මගෙ උරහිස උඩ තියා ගත්තා .......

සුවදයි.....

මම.හොරාවට එයාගෙ සුවද ඉව කෙරුවා ...කිය කිය ඉව කරනවා වගේ නෙවෙ...ලෝභ කමත් එක්ක හොරාවට ඉව කරනකොට ඒ සුවද ඕනාවටත් වඩා සුවදයි වගේ දැනුනා......මට මහා ලෝභ කමක් දැනුනා....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now