09වන කොටස....

11.4K 1.6K 586
                                    

"ලමයට නින්ද ගියා....ඔයත් ටිකක් නිද ගන්න..."

සූප්පුවත් කටේ ගහන් උන්න පොඩි එකාට සෑහෙන්න වෙලාවකට පස්සෙ නින්ද යනකොට එයා මට කිව්වා මටත් ටිකක් නිදා ගන්න කියලා ...ඒ උනත් මන් කොහොමද නිදා  ගන්නෙ....මගෙ ඇස්වලට කොහෙන්ද නින්ද එන්නෙ....

බෑ අග්නි....මං මිනිකොඩි වලට බට දඩු කපන්න යන්න ඕනා...

"මේ මහ රෑ යන්න උඹට ඔලුව හොද නැද්ද....."

මම නොයා කොහොමද .....අනිත් උන් යනකොට මම ගේ අස්සෙ  ඉදන්නිදා ගන්නද කියන්නෙ අග්නි...ටිකක් තේරුම්ගන්න...

" තේරුම් ගන්න...තෙරුම් ගන්න කියන්නෙ උඹ මහ රෑ බට කපන්න කියලා යන්නෙ පහල වෙලට....වෙල ගාව උන පදුරු ගාවට...උඹගෙ මොලේ කියන දේ කලදක් වත්  තියනවද කියපන්...යක්කු විමානෙ මඥ්ඥොක්කා සිනී ගදෙන් වත් ඔය  ඔලුවට තේරෙන්නෙ නැද්ද ඒක ආ...
පහලින් මට්ට වල.....මට්ට මෝලෙ එකෙක් ඔය මට්ටා වලට වැටුනා ඒවත් මතක නැද්ද කියපන් මට...."

එයා දිගින් දිගටම බැන්නා...වෙන කාටවත් නෑ හෙන හින්ද හොදයි  ......බර අඩි තිය තිය එහා මෙහා යන එයාගෙ මූන තනිකරම කොරහක් වෙලා තිබුනා....

යක්කු විමානෙ උනාට මොකද....
මම පොඩි කාලෙ ඉදන් හැදුනෙත් යක්කු එක්ක වෙනකොට .....

මම උත්තර බැන්දා...බැදලා අහක බලාගත්තා ...අඩලා හෙම්බත් වෙලා පයින් ඇවිදින් හෙම්බත් වෙලා උන්න මට දැන් නම් ඒ අතින් පාරක් කෑවොත් මගෙ පපු කැහුතු ගලවන් යන්නම එයා ගහන බව දන්න නිසාම මම අහක බලා ගත්තා ......ඒ උනත් ඊලග තත්පරේදි උල් නියපොතු වැවුන ඇගිලි මගෙ අත් ගොබේ හිල් කරන් යනකොට මාව ඇදලා එයා එයාගෙ පැත්තට හරවගත්තා වගේම මලගෙ කියලා එයා බැලුවෙ නෑ.....මගෙ ගෑනි මැරිලා මම ඉන්නෙ ඒ දුකෙන් කියලා බැලුවෙ නෑ....මම ඉන්නෙ හිත් වේදනාවෙන් කියලා බැලුවෙ නෑ මගෙ කන් ගැටෙ පුපුරලා යන්න පාරක් වදිනකොට මට තත්පර ගානකට ඇහෙන් නැති උනා...

" උඹ කවදා ඉදන්ද අනිත් උන්වත් මගෙ මිම්මට දාලා මනින්න ගත්තෙ ආ.....ආ ශිවන්....ආ....

අනේ අග්නී ....අට ඔයා එක්ක පොර බදන්න....රන්ඩු කරන්න හයියක් නෑ අග්නි ....මං ඉන්නෙ වේදනාවෙන්.....මං ඉන්නෙ හිතේ දුකෙන්....ඔයාට තරහා නම්...මට ඕන තරම් ගහන්න අග්නි...මට ඕන තරම් ගහල...ගහලා.....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now