මම කට පියා ගත්තා.....මොකද අග්නි නම් තරහා ගිහින් මට ගැහුවම ඊලග තත්පරේ නම් තුරුල් කර ගන්නවා....ඒත් භෛරව් ගැහුවොත්.....
මම බලන් උන්නා.....මොකද ඊලග තත්පරේදී එයා රවාගත්තා .......මම හිමීට අහක බලාගන ඉදලා එයාගෙ අම්මගෙ ඵොටො එක ගාවට ගිහින් ඒක දිහා බලාගන ඉදලා ඒ ඵොටෝ එකට අත තියන්න ගියා විතරයි භෛරව් මගෙ අතින් ඇල්ලුවා...හැබැයි ඒක එසේ මෙසේ ඇල්ලිලක් නම් නෙවෙ.....එයා මගෙ අත අල්ලපු පාරට මගෙ ඇස් වලට කදුලු ඉනුවා.........
"අඩුවයසෙන් මැරිලා යන්න ආසයි නම් අල්ලපන්..."
භ..භ්...භෛරව්....අනේ.....
" උඹට මැරෙන්න ඕනා නම්...අල්ලපන්....මේ හැම දේකටම වඩා වටින්නෙ මේක......මේ හැම දේටම වඩා..වටින්නෙ මේක........මේ මුලු ඉෆ්රිත් දෙවොලෙම්ම වටිනම තැන මේක...."
මම පස්සට උනා...මම අල්ලන්න ගියේ අග්නිගෙ අම්මගෙ ඵොටො එක උනත් එයා මාව පැත්තකට කෙරුවා...පැත්තට කරලා මේ මුලු ඉෆ්රිත් දෙවොලෙම්ම වටිනම තැන මේක කියලා මාව පැත්තකට කෙරුවා ......අග්නි එන්න කලින් භෛරව් මාව මරයි කියලා බයටම මම පැත්තකට වෙලා උන්නා....
" තමුන්ට දැන් කතාව අහන්න ඕනද නැද්ද .....?"
අහන්න ඕනනෙ....හැබැයි අනේ මේ හැම වෙලේම සැර කරන්න එපා...අපේ එක්කෙනාවත් මට ඔහොම සැරකරන්නෙ නෑ....ලමයගෙ අප්පච්චි වත් මට සැරකරන්නෙ නෑ ....
"...................."
එයා ඇස් හීනි කර ගත්තා.....මට කොයි වෙලෙත් භෛරව් සැරකරන හන්දම මම ඉක්මනටම අග්නිව ඇල්ලුවා.......ලමයගෙ අප්පච්චි කියන කෑල්ල බරකරලම කියනකොට එයා ආයම ඔලුව හෙලෙව්වා.........
ඒත් තත්පර ගානක් ගියේ නෑ....මට ලමයගෙ අප්පච්චි කියන තැනදි ලමයව මතක් උනා...මගෙ පුංචි එකා තට්ට තනියම.....අනේ ඒකා අඩනවා ඇති ..බඩගිනි ඇති ...අප්පච්චියෙ ....අග්ගියේ ....චුට්ටාන්...ගගා....අඩනවා ඇති ......
" මොකද...."
පුංචි එකා.....ඒකා තට්ට තනියම භෛරව්......අනේ බඩ ගිනි ඇති........අග්ගියේ ගගා...අඩනවා ඇති....
මම කතා කරන වචනයක් වචනයක් ගානෙම මට ඇඩෙන්න වගේ එනකොට එයා මගෙ මූන බිමට හරවගත්තා ....... එ එක්කම එයා මගෙ නිකට ගාවින් අල්ලලා අඩන්න ඔන්න මෙන්න උන්න මගෙ මූන කෙලින් කරන්ස්කොට දරු දුකට මගෙ ඇස් වලින් කදුලු බේරෙන්න ගත්තා .....