උඹ හිතනවද උඹව බේරගන්න පුලුවන් කියලා.......
උඹ හිතනවද මගෙ වචනවලට පිටින් උඹට යන්න පුලුවන් කියලා ......
අතෑරපන්...............අතෑරපන් මාව.....අතෑරපන්......ග්...ගෑනියේ....මාව....
අතාරින්න........උඹ හිතන්නෙ....උඹව අල්ලගත්තෙ අතාරින්න බලාගන කියලද......ආ.....
මම උන්නෙ බාතෲම් එකේ......මම උන්නෙ නාන ගමන්...........මම උන්නෙ වෙච්ච හැම දේම අමතක වෙලා යමන් කියලා නානගමන් වෙනකොට වෙනදට.හිටගන නාන මම අද බේසමට වතුර පුරවන් නාන්න ගත්තා. . මෙච්චර කල් ලමයව බස්සපු පොඩි බේසම වෙනුවට තිබුනෙ අලුත් බේසමක් වෙනකොට රවුම් රතු පාට බේසම අස්සෙන් වතුර දෙබෑ කරන් කුනු පාට දිය සෙවල බැදුන අතක් මගෙ බෙල්ලෙන් අල්ලන් වතුර අස්සට ඔබාගන මාව හොලවනකොට මම වතුර යට ඉදන් හුස්ම අල්ලන්න දැගලුවා.........
දගලපන්.....දගලපන්......දගලලා...දගලලා .....උඹ අවසානෙදි මේ වතුර ගොඩේම හුස්ම ඇරපන්..........
අග් .......අම්......භ්භ්....භ්භ්.....ක්ක්......භ්භ්......
මම දැගලුවා....මම පුලුවාන්....තරම් දැගලුවා .....නාස් කුහර අස්සෙන් වතුර යනකොට .....කට ඇරලා අග්නී...අම්මෙ...කියලා කෑ ගහන්න බැරි තැන බේසම් ගැට්ටෙන් ඇතුලට ඔලුව එබිලා තිබුන මම දැගලුවා.....
මඩ රහයි......
ලේ රහයි.....
පිලි රහයි.....
අන්දකාරයි......
ගන්දස්සාරයි....
මේ.ඔක්කොමත් එක්ක මට මරන බය ඕනාවටත් වඩා දැනනෙකොට මම මාව අල්ලන් ඉන්න අමනුශ්‍ය අත එක්ක මගෙ හුස්ම පොද රැක ගන්න නොමැරී මැරුනා.........
නාස් පුඩු අස්සෙන් ඇතුලට යන වතුර මගෙ පෙනහලු පුරවනකොට මම දැගලුවා.....හුස්ම ගන්න බැරිව අත පය ගගහා කෑගැහුවා.....
අනේ මම කෑ ගැහුවා......
දෙවියනේ.. අනේ...අග්නී....උඹ කොහෙද ....ඇයි අග්නී.....ඇයි.....ඇයි...උඹට මාව නොදැනෙන්නෙ..මගෙ...අග්නීහ්...........ඇයි....ඇයි..මාව නොදැනෙන්නෙ...අග්නී......හ්හ්........
මගෙ හිත කෑගහනවා..........
ඇස් පියන් ඇරිලා තිබුන ඇස් වලින් මම වතුර යට ඉදන් මාව අල්ලන් උන්න අත දිහා බැලුවා.....