අග්නී....
"............."
අග්නී....
"..........."
ඇයි අග්නී කතා නොකරන්නෙ.....ඇයි අග්නී කතා නොකරන්නෙ .....ඇයි....ඇයි කියන්නකො අග්නි...මම මොන වැරද්දක් කෙරුවටද...මම මොන වැරද්දක් කෙරුවදට අග්නී.........??
මම එයාව හෙල්ලුවා........මාව යට කරන් ඉන්නවා මිසක්කා එයා වචනයක් වත් කතා නොකරනකොට හෙටින් පස්සෙ හැම නිදහසම නැති වෙන බව දන්න මම කෑ ගැහුවා...බැරිම තැන උරහිස හපලා ගැහුවත් එක්ක.....ඒ එක්කම එයා මූන ඉස්සුවා ....උස්සලා ඇස් පිල්ලම් ගැහුවා.....
" උඹ ගාවඩි මගෙ නාඩි නවතිනවා ශිවන්....උඹගෙ ගැහෙන පපුව ගාවදි මගෙ පපුව නවතිනවා ශිවන්....මට තේරේන්නෙ නෑ....උඹගෙ ආදරෙ ගාවදි මම පුදුම අසරනයි ........මට කියපන්....මට කියපන් ...එකම එක පාරක්....උඹට මාව දැනෙන්නෙ කොහොමද කියලා .....?"
එයා අහනවා මට එයාව දැනෙන්නෙ කොහොමද කියලා .....මට දෙන්න උත්තර තියනවද ......මට දෙන්නෙ උත්තර නෑ....අග්නි කියන්නෙ උත්තර නැති ප්‍රශ්නයක්......අග්නි කියන්නෙ.....ඇතුල් වෙන්න දොරක් තිබුනත් පිට වෙන්න දොරක් නැති වංකගිරියක්......
අග්නි කියන්නෙම කැටපත් පවුරක් ආදරේ කියන අකුරු තුනට පන පොවන හැටි අකුරු කරන්න ගත්තොතින් ඉඩත් මදිවෙන.....
මට කරන්න පුලුවන් එකම දේ අඩන එක් විතරයි . ...මගෙ පපුව පැලෙන්න ආවා.....මාව යශෝදරාව ගාවින් තියනවා තියා හිතන්නවත් බෑ .....ඒත්.....යශෝදරාව සිද්දාර්තයන්ට ආදරේ කෙරුවෙ කොයි තරම්ද....මමත් මගෙ අග්නිට ආදරෙයි .........ශාක්‍ය වංශයේ සිද්දාර්තයන්ට යශෝධරාව ආදරෙ කෙරුවෙ කොයි තරම්ද . ....
අසුර කුලේ ඉපදුන අග්නිට මමත් ආදරෙයි. ...........අග්නී......උඹ මෝහීනිගෙ පිරිමි පැතිකඩද කියලා අහන්න හිතුන වාර අනන්තයි අප්‍රමානයි ...........
මම එයාගෙ බෙල්ල ගාවින් මූන තියාගත්තා ..........නූල්පටක් නැති සර්වාංගෙ හිරි ගඩු පිපුන පිපුනා මයි....තවම ඒවට බහින්න බැරි උනා... .....
ගනින්න බැරු තරම් දත් පාරවල් බෙල්ලෙන් පහල වහගන තියනකොට මට මගෙ අග්නිගෙ ප්‍රශ්නෙට උත්තරයක් ඇතිව අසරන වෙලා උන්නා...