අග්නි යන්න ගියා ........අග්නි යන්න ගියෙ නිකන් නෙවෙ මටත් ඊලගට වෙන්නෙ ඔය දේ තමයි කියන එක කියාගන වෙනකොට මම ආයම කාමරේට හැරුන........
කොල්ලා නිදි.....අම්මලා මුන්නේශ්වරම් යනවලු......මෙහෙ ඉදන් හත් ගව්වක් යන්න ඕනා මුන්නේශෙවරමට.......බාරයක් නිදහස් කරන්ඩද...නැති නම් බාරයක් වෙන්ඩද දන්නෙ නෑ...හැබැයි අම්මා මට මෙලෝ දෙයක් කිව්වෙත් නෑ.......
ම්ම්හු....අප්...පිච්චියේ.....අපා...නේ.....නේත......අපා...කිය...න්න......අපා...කිය...න්න...දයියයිනෙ......දයි....දයි....යයි....
නිඛිල්....නිඛිල්....සුදු පුතා.......සුදු මහත්තයා ......ඇයි පුතේ මේ....ඇයි මේ....
මම උන්නෙ ලමයව තුරුල් කරගන...ඉදලා හිටලා කෙදිරි ගාපු කොල්ලා තත්පරෙන් දෙකෙන් නිදා ගත්තා....හීනෙන් අඩන එක පුංචි එවුන් ගාව තියනම දෙයක් උනත් මේ තත්පර ගාන ඇතුලත ලමයා ඇඩුවෙ එසේ මෙසේ හීනෙකෙට බය වෙලා නෙවෙ කියන්නද කොහෙද ඒකා නින්දෙම්ම අත් කකුල් ගසන්න ගත්තා ...හුස්ම ඉහලට අල්ලපු පාරට ඉල ඇට පෑදෙන්න ගත්තා......
නිඛිල්....සුදු පුතා......සුදු මහත්තයා ....
අපා...අපා....කිය...න්න....අම්මියෙ....අපා...නෙ...පුතා...ත...පුතා....ත .....
අනේ අම්මා.....
මම කෑ ගැහුවා.....ලමයව උකුලට අරන් නැලෙව්වා උනත් කොල්ල්ල නෙවෙ ඇස් ඇරියෙ....හීනෙන් අඩන හැම වෙලාවකම ඇස්ව්ලින් කදුලු නාවා උනත් එයගෙ ඇස්වලින් කදුලු ආවා..කටේ තිබුන සූප්පුව බිම වැටෙනකොට කොල්ලා මගෙ උකුලෙ ඉදන් අත පය ගැහුවා වැඩි හරියක්ම කිව්වෙ එපානෙ එපානෙ අම්මියේ කියන එක.වෙනකොට ම්ම ඉතිපිසෝව කිව්වා......
සාරන්යා.......
මට ඉබේටම ඒ නම කියවුනා...ලමයා අම්මියෙ එපා එපා කියනකොට මට හිතුනෙම සාරාන්යා ලමයව බය කරනවා අඩගහනවා අරන් යන්න හදනවා කියන එක....එතනින් එහාට කොලුවා කියවපු කිසිම දෙයක් නොතේරෙනකොට ලමයා කියවනවට වඩා කෙරුවෙ අඩපු එක වෙද්දි මම එයාගෙ කකුලෙ මහපට ඇගිල්ල තද කෙරුවා ...මොකද නින්දෙන් කියවනකොට මහපට ඇගිල්ල තද කරපුවාම පේන දකින දේ හැම දේම කියන්න ගන්න බව දන්න නිසාම මම ඒ පොඩි ඇගිල්ල හිමීට තද කෙරුවා ......