එනකම්ම ත්රීවිල් එකාගෙ නිමක් නැති ප්රශ්නවලට උත්තර දීපු මගෙ කටේ කෙල හිදුනා....
දෙයක් පටන් ගත්තොතින් ඌ ඒක ඉවර කරන්නෙ තවත් හත් ගව්වක් කතාව ඈතට ඇදගන ගිහින් වෙනකොට මට මුගෙ බෙල්ල අනිත් අතට අඹරවන්න හිතුනා
ඉදගන ඉන්න බෑ යටි බඩ වේදනා දෙනවා...තට්ටම් වලින් එන වේදනාවට ඇස් වලට කදුලු මතු වෙනකොට උදේ කොමඩ් එකේ ඉදගන්නකොට දැනුන වේදනාව මතක් වෙලා මං තවමත් ජීවත් වෙන්නෙ කොහොමද හිතුනා ...
අරූගෙ වැඩේම කියවනවා ...අනෙ හුත්තිගෙ පුතෝ මේක නවත්තපන් මං කතරගමට පයින් යන්නම් කියන්න කටට ආවා උනත් ශ්රද්දාවෙන් ආව ගමන කිල්ලට අහු කරගන්න හදපු මම මටම දොස් කියා ගත්තා .....
මල්ලිට කියන්න මල්ලිගෙ නෝනා මැරුන දා පාන්දර ඇපේ ගෙදර ඉස්සරහා පූසෝ දෙතුන් දෙනෙක් කා ගත්තා .....ඇරත් බස්සෙකුත් එක දිගටම අඩන්න ගන්නකොට අපි නම් හිතුවා මොකාක් හරි නරකක් තමයි කියලා ...
මං මගෙ නලල තනි අතකින් මිරික ගත්තා ......ඇත්ත පූසො කා ගන්නකොට අසුභයි කියනවා...උලලේනියෙක් අඩනකොට අසුභයි කියනවා ..කණ කොක්කු අඩනකොට අසුභයි කියනවා...කෑරලෙක් ගෙට උඩින් පියෑඹුවාම අසුභයි කියනවා ...
හරි....කෑරලෙක් පියාඹන්නෙ නැතිව ඌ ඇවිදන් යන්නද??
බස්සෙක් අඩන්නෙ නැතුව ඌ ගොලු වෙන්නද??
උලලේනියෙක් අඩන්නෙ නැත්තෙ කවදද...උන්ට කරදර වේදනා දැනෙන්නෙ නැද්ද...??
පූසෝ පූසෝ කා නොගත්තෙ කවදද...??
මට තේරේන්නෙ නෑ....සීයට පනහක් උන්ව සාධාරනීකරනය කෙරුවොත්.....අනිත් පැත්ත නරකට හිටිනවා ....කොළඹ හතේ වගෙ නෙවෙ...ගම්වල මිනිස්සු අපි ඔව්වා විස්වාස කරනවා.....සමහර කියමන්වල ඇත්තක් නැත්තෙම නෑ.....
මට හැමදාම ජීවත් වෙන්න සිද්ද උනේ වැට උඩ.....සමහරක් දේවල් බොරු කියලා පැත්තට දාන්න උනත්....මට ඒ කතාව අම්මගෙ දේවාලෙ ගාව පිලිගන්න සිද්ද උනා....
මන් අහන් උන්නා....මට ඌ කියන දේවල් මෙලෝ කමකට වැඩක් නැති උනත් මට ඒකගෙ කච කචේ කන්දොස්කිරියාවක් උනා....ඌට මගෙ ගෑනි ගැන දුකයිලු.....මට වේදනාවක් වත් දැනුන් නෑ....ඒත් ඌ කම්පා වෙනවා නොසෑහෙන්ඩ ..