66 වන කොටස....

6.3K 1.1K 551
                                    

ඒක හීනයක් නෙවෙ ...ඒක හීනයක් නෙවෙ........

පිටතින් ඇහුන ගෑනු කටහඩ වගේම මගෙ ගාව උන්න භෛරව් සැරින් සැරේම මගෙ ඔලුව අත ගගා ඒක හීනයක් ඒක හීනයක්....නිකන් නෙවෙ ඒක හීනයක් වස්තුව ගගා මගෙ හිත රවට්ටනකොට මට අග්නිව මතක් උනා.......

මගෙ යටි තොල උඩු තොල වෙව්ලන්න ගත්තා......

මට කියපන් භෛරව් ....මට කියපන්...මාව මරන්න තරම් අර ගෑනිගෙ හිතට තරහවක් ආවෙ..........ඒකිගෙ දුව මගෙ අග්නිට ආදරේ කරලද......??

මගෙ අග්නි ඒකිට බලාපොරොත්තු දීලද......

මගෙ අග්නි අතින් ඒකි අනාත උනාද......

මනුස්සයෙක් මරන්න තරම්.....මනුස්සයෙක් මරන්න තරම් හිතට වෛරයක් එන්න එසේ මෙසෙ වරදක් නෙවෙ වෙන්න ඕනා කරලා තියෙන්නෙ.... ...මට කියපන් භෛරව්..........මාව තවත් අසරන කරන්න එපා.........

මම භෛරව්ගෙ කොලර් එකෙන් අල්ල ගත්තා .........එලියෙ උන්න ගෑනි මහත්තයා මහත්තයා ගානකොට මගෙ ඔලුවට බලෙන් හීනයක් කියලා වෙච්ච දේවල් ඔබන්න හදපු භෛරව්ගෙ කොලර් එකෙන් අල්ලගත්තු මම එයාව හෙලෙව්වා.......අග්නිගෙ රූපේ පේන තෙක් මානෙකවත් නැතිව යනකොට මට තවත් දරාගන්න බැරි උනා.....

මාව තරහව....වේදනාව....වගෙම ඊරිසියාවෙ අන්තෙ දරා ගන්නම බැරි තැන මාව මැරෙන්න එනකොට දොරෙන් එපිට උන්න ගෑනිව මරලා දාන්න තරම් කේන්තියෙන් මම අඩි හප්ප හප්ප දොර ගාවට ගිහින් මම දොර ඇරියා.....

මහත්ත...යා.....

ඇයි......??

මේක...මේක....ක්ලීන්

දැන් ඕන නෑ...අනික මේක ක්ලීන් කරන්නෙ දැන්ද.....?? වෙලාව කීයද.........මගෙ කැබින් එක අනිත් දවසෙ මොකෙක් වත් ක්ලීන් කරන්න ඕණ නෑ මමම කරගන්නම්......ඇහුනනෙ....මමම කරගන්නම්.....

දඩා....ස්ස්ස්!!!!

දැන් කියපන් භෛරව් ......දැන් මට කියපන්....මාව මරාගන්න තරම්.....ඒකි අග්නිට කොයි තරම් ආදරේ කෙරුවද......මාව මරන්න තරම් තරහවක් එන්න මම උන් දෙන්නගෙ මැදට ආවද......????.උත්තර දීපන් කාලි භෛරව් .......!!!!


දඩාස් ගාන සද්දෙන් දොර වහල දාපු මම ඊලග පාර මේසෙට ගගහා කෑගහනකොට කාලි බලන් උන්නා.........කාලිගෙ ඇස් දෙක වෙනදා වගේම හීනි වෙලා ඇහිබැම ඇකිලිලා තියනකොට එයා පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්තා ......

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now