19 වන කොටස....

10.5K 1.6K 1.1K
                                    

මගෙ පුතා...මගෙ...පුතා........අනේ...මගෙ...පුතා ..නැගිටපල්ලා...නැගිටපල්ලා .......

අම්මාකෑ ගහනවා...එහෙන් මගෙ කොලුවා බය වෙලා අම්මියේ ගගා අඩනවා.....කටින් එලියට ආව කලුම කලු පාට පිලී රහ ලේ තලිය වැලි පොලව උඩට වැටෙනකොට මම අම්මගෙ උකුලට වැටුනා.....හැබැයි මට සිහිය නැති උන් නෑ..මගෙ ඇස් පිය උනා...ඒත් මගෙ සිහිය නැති උන් නෑ....

මගෙ දරුවා........

අම්මා අඩ අඩම මාව අත ගානවා.....මම උන්නෙ ඇස් වහගන ...ඒත් අම්මා අඩන හැටි ඇස් පියන් අහන් ඉන්න බැරි කමටම මම ඇස් ඇරියා.....

මං බලන් උන්නා..බෙල්ල අඹරපු කුකුලා ගැහිලා ගැහිලා මැරිලා යන හැටි මම බලන් උන්නා..මරන වේදනාව කොයි තරම්ද කියන්න ...මරන වේදනාව කාටත් පොදුයි කියන්න කුකුලට දියාරුවට බඩ වගේ යනකොට මම අග්නි දිහා බලන් උන්නා....

අග්නිට තරහා ගිහින්..එයාට මා ගාවට එන්න ඕනා කම තිබුනත් අම්මා ඉන්න හින්දා ඒ ගන්න බැරි වෙනකොට  ඒකා ආයම අම්මගෙ ඇන්තූරියම් පැලවල ගාවට දිව්වා...

ඇන්තූරියම් .......ඇන්තූරියම් ....දෙයියනේ...උක්කුවා...අනේ උක්කුවා මාව වමනෙ කෙරෙව්වෙ ඇන්තූරියම් වලට...අනේඒකට ඇයි එහෙම උනේ...ඇයි අප්පා එහෙම උනේ   .

මම නැගිට්ටා ....ඒ උනත් ඉදගන ඉන්න බැරි උනා...උක්කුවා අත ගාපු කොන්ද ආයම වක ගැහුනා...

අනේ..අම්මෙ...අමේ....හ් ..මගෙ කොන්ද . අනේ ..අම්මේ...හ්

මම කෑ ගැහුවා...අම්මගෙ ඇගේ එල්ලුනා........කොන්දෙන් එන වේදනාව මට වචන වලට විස්තර කරන්න බැරි තැන මම ආයම කඩාගන වැටෙනකොට අප්පච්චි වෙද ගෙදර බෙහෙත් අඹරන කොල්ලො දෙතුන් දෙනෙක් අඩගස්සවගන මාව ඉස්සුවා...

බෙහෙත් ඔරුවට   බෙහෙත් ඔරුවට....මගෙ කොල්ලගෙ කොන්ද කඩලා දාලා....කඩපු එකා  මොකා උනත්....මම ඒකව මගෙ පාමුලට ගෙන්න ගන්නවා...මම ඒකව ගෙන්නගන්නවා....

අනේ...අම්මෝ...හ්...අනේ...හෙමින්...හෙමින්...මගෙ...කොන්ද...යකෝ...කැඩෙයි.....අනේ...අම්මා...හ්...මගෙ...කොන්ද..අනේ..
දෙයියනේ........

කොල්ලො ට්ක හතර අතින් උස්සනකොට කොන්දට දැනුන වේදනාවට මම මැරෙන්න හැදුවා ....අප්පච්චි අඩන ලමයව නලවගන්න එහා මෙහා යනකොට මං බලාගන අග්නියා අර මැරුන කුකුලට පයින් ඇනපු පාරට ඒකව  ගිහින් ඇන්තූරියම් පැලේක අලුතිම්ම පීදුන මලක් කඩාගන විසික් වෙලා ගියා වගේම අම්මා ඔලුව ගස්සලා දේවාලෙ දිහා බැලුවා..ඒ එක්කම අග්නියා දේවාලෙ අස්සට දිව්වා....

කෙ ම් මු ර.....(yizhan)✅Where stories live. Discover now