ආ....ව්ව්හ්.....ආ....ව්ව්හ්...
මගෙ කකුලක කෙන්ඩයක් පෙරලුනා ........
අග්නි මගෙ කන් පෙත්තට රහස් මුමුනලා යන්න ගියායින් පස්සෙ මම හිතන්නෙ මට සෑහෙන්න වෙලා නින්ද ගියා...හබැයි මගෙ නින්ද තව දුරටත් දික් ගැස්සුනෙ නෑ.....
මගෙ කකුලක මස් පෙරලුනා....එක පාර ආව හිරිවැටීමක් එක්ක දනහිසට පහලින් දැනුන වේදනාවට මගෙ වැහිලා තියන ඇස් පියන් ඇරුනේ මාවත් කෙදිරි ගාගනම වෙනකොට මම නැගිට්ටා...නැගිටල ඉදගත්තා....
කකුල වේදනාවයි....ආව්හ් .අම්මා....ආව්හ්හ් .....
මම මෙට්ටෙ උඩ ඉදගනම කකුලට අතින් තට්ටු කරන්න ගත්තා.....ඒ කකුල පුදුම විදිහට වේදනා දෙනකොට මම ලමයව අතපත ගෑවා.....මොකද කාමරෙ විතරක් නෙවෙ ගෙයි එක තැනකවත් ලයිට් පත්තු උනේ නෑ අඩුම ගානෙ බුදු පහන වත්......ඒත් පහන් පැලක් එලිය නොකර කොහොමද .......ඇරත්....අම්ම තියන පහන.....අම්මා කතරගම දෙයියන්ට තියන පහන.....යහන කවදාවත් අන්දකාරෙ තියන් නෑ.......ඒත් අග්නි කිව්වා මෙට්ටෙන් එහා මෙහා යන්ඩ එපාය කියලා ....ඒත්...නොයා කොහොමද ........
මම හිමින් සැරෙ නැගිට්ටා...නැගිටලා නොන්ඩි කෙටුවා...නොන්ඩි කොට කොටම ස්විච් එක ගාවට ගිහින් ලයිට් එක දාල ඇවිදින් මගෙ කොල්ලා දිහා බැලුවා......අනේ ඒකා නින්දෙන් පෙරලිලා මගෙන් ඈතට ගිහිල්ලා......
අප්පුච්චියේ.....අග්ගියෙ....තුත්තාන්...
අමන්ජියේ......කාක්කයෝ...ගගා රටටම කෑගහන ඇබිත්තන් කට එයා තදිම්ම වහගන නිදාගන උන්නා....මට ලෝබයි.....ඇහැරන් ඉන්නකොට සැර උනාට අනේ කොල්ලා නිදා ගත්තම මට හරි පාලුයි....ඌ මගෙ හුස්ම වගේ..........
මගෙ පුතා....
මං නින්ද ගිහින් උන්න කොලු පැටියව අරගන මෙට්ටෙ මැදින් තියලා ජනේලෙ ගාවට ගියා.....
මුලු පැත්තම අදුරුයි ....අද බර දවසක්...එහෙම වෙලත් යහන එලි නොකලොත් වස් වදින්න පුලුවන් කියන එක මගෙ හිත එකම දිගට මට වද දෙනකොට මම අග්නිට අඩගැහුව ...
අග්නීහ් ......
ඒත් එයාගෙන් නෙවෙ සද්දයක් ආවෙ....දෙවියන්ගෙ ඇල්ම බැල්ම වැටෙන දවසකම යහන අන්දකාර උනාම දෙවියෝ කෝප වෙන්නෙ නැද්ද...මං වෙලාව බැලුවා ...ගොම්මන පහුවෙලා ....කරන්න දෙයක් නෑ මට එලියට බහින්නම වෙනවා පුංචි එකාව තනි කරන්න හිතකුත් නෑ...මට ඒකව අරන් ගිහිල්ලත් බෑ...තියලා ගියා වගෙ නෙවෙ කොලුවව අරන් ගියෝතින් අග්නි මාව දෙකට ඉරාවි..... ආදරේ ගාවදි කොහොම උනත් මුරන්ඩු කම් ගාවදි හිතුවක්කාර කම ගාවදි මට අග්නි දිහා බලන්නත් බයයි....ඒ මූන ඒ තරම්ම නපුරුයි ...හිතන්නවත් ඉඩක් නොතිබුන එයා මාව පොලවෙ ගහනවා ...මැරිලා වත් යන්නෙ නෑ කිව්වම අග්නි මාව මරලම දාන්න හැදුවා .......