මම නෙවෙ මීක් ගෑවෙ....මාව එයාගෙ ඇගට තද කර ගත්තු අග්නි ඇහුවා කාග්‍ර් හයියටද ගෑනු හොයන්න ගියේ කියලා .........මැරෙන්න ආසයිද කියපු එයා මාව එයාගෙ ඇගට තවත් තද කර ගන්නකොට මං ඒත් මීක් නොගා උන්නා.....
බෙල්ලට වැදුන සීතල සුසුමක් ...සීතල හාදුවක් එක්ක මගෙ ඇස්වලින් උනුසුම් කදුලු කැටයක් නාස් පොල්ල පහුකරන් කොට්ටෙ උඩට වැටෙනකොට මං එහෙම්ම කොට්ටෙ හපා ගත්තා මොකද මට ඉකි ගැහෙන්න ආවා ......නින්ද ගියපු පුංචි එකා නින්දෙම්ම අනිත් පැත්ත හැරෙනකොට මං ලමයව ආයම උඩ බෙලි අතට හරවනවත් එක්කම අග්නිත් මාව එයාගෙ පැත්තට හරවගත්තා .....
"දාලා යන්නෙ නෑ"
එයා එච්චරයි කිව්වෙ මාව අත් දෙකෙම්ම තුරුල් කරගන මගෙ මූන එයාගෙ උරහිස උඩින් තියාගත්තා හරියටම අඩන්න ඕනෙ නම් අඩපන් කියලා කියන්න වගේ.......
මම ඇඩුවා......කෑ නොගහා උනත් දැනුන වේදනාවට බයට මේ හැම දේටම ඇඩුවා...එයා එතකම්ම වචනයක් නොකියා උන්නා...දැන් ඇති කිව්වෙත් නැ .ඒ වෙනුවට කෙරුවෙ මගෙ වේදනා දෙන කොන්ද අතගාපු එක වෙනකොට එයාගෙ සීතල ඇගිලි මගෙ තුවාල උඩින් යනකොට මට පුදුමාකාර සහණයක් ගෙනාවා..........අවසානෙදි එයා කතා කෙරුවා .....
" තව චුට්ටක් ඉවසන්න වෙනවා මැනිකෙ..........මන් උඹව දාලා යනවා කිව්වෙ එවෙලෙ මට කියන්න දෙයක් නැතු හන්දා....."
අග්...නී.....
" ම්ම්ම්ම්......."
මම එයාගෙ දිහා මූන උස්සලා බැලුවා .... අර නපුරු ඇස් දෙක මලානික වෙලා ගිහිල්ලා ......එයා එහෙම්ම මගෙ උරපත්ත දිහා බැලුවා...බලලා අත ගෑවා.........නලලට හාදුවක් තිබ්බ එයා අනිත් පාර ආයම මාව තුරුල් කරගත්තා හරියටම එයාට කතා කරනවට වඩා මාව තුරුල්.කරගන ඉන්න ඕනා කියන්න වගේ...දාලා යන්නෙ නෑ...දාලා යන්නෙ නෑ කියන වචනෙ සිය පාරකටත් වඩා මුමුනපු එයා අවසානෙදි මාව උමතුවෙන් වගේ සිපගන්න පටන් ගත්තා.....නලලටම සිය පාරකට වඩා හාදු තියන්න ඇති.....
" සමහර දේවල් තියනවා කියන්න බැරි....ඒ වගේම කියන්න පුලුවන් ....මං මෙතන අසරන වෙලා ඉන්නෙ මගෙ ශිවන්......"
.එයා සෑහෙන්න වෙලාවකට පස්සෙ කතා කෙරුවා ...එයා කිව්වා එයා අසරන වෙලා ඉන්නෙ කියලා .......එයාට.....