අග්නී.....
එයා පිටිපස්සෙන් ඉදන් එක එක දේවල් කියනකොට මම එයා කියන කියන හැම දේම කෙරුවා ..... ...අරූ බිම වැටිගන වමනෙ කරනවා...
" අහපන් ඒකා ඔය අවනඩුව පිලිගන්නවද නැද්ද කියලා ....."
එයා කියනවා මේ අවනඩුව කෙරුවද නැද්ද කියන එක පිලිගන්නවද නැද්ද අහන්න කියලා .........
උඹල දැන් ඔය කරපු පව් කාර කම පිලිගන්නවද........පැටියා බඩේ ඉන්නකොට ඒකිව අරගන ගිහින් මස් කරපු අවනඩුව පිලිගන්නවද.....???
අනේ..අනේ...බුදු මහත්තයෝ...අනේ...ඕක බොරුවක්...ඕක අමූලික බොරුවක්.......අයියෝ....බුදුන් පල්ලයි.....දෙයියො බුදුන් පල්ලයි.......
" ඕක ඇත්තක්...අරූගෙ ගාව තාම කුයිලෙ එනවා.....ඕකලා තුන් දෙනාම සප්පායන් වෙලා ඉන්නෙ.......ඔය වමනෙ කරන එකයි වැස්සිව ලිස්සෙ.....ඔය වමනෙ කරන එකා තමයි වැස්සි මැරෙන්ඩ කලියෙම්ම ඒකිගෙ බඩ පැලුවෙ.......ඕකා තමයි වැදෑමහ වත් නොකපා පැටියගෙ බෙල්ල කැපුවෙ......"
මට මාරයා ආවෙස වෙන්න ආවා....කරපු වැරද්ද එසේමෙසේ එකක් නෙවෙ බව දැන දැන අරූ අත් අල්ලන් වැද වැද බොරු කියනකොට මට අග්නිට වඩා මාරයා ආවේස උනා .
ආ බොලව් .....තොපි අත් වැදලා දෙයියො බුදුන් පල්ලයි කිය කිය නහින්නෙ මේ එසේ මෙසේ තැනක ඉදන්ද......ආ.....පන අදින වැස්සිගෙ පන යන්න කලියෙන් ඒකිගෙ බඩ පැලුවෙ මේකා නෙවෙද......ආ.....වැදෑ මහවත් නොකපා පැටියගෙ බෙල්ල කැපුවෙ මේකා නෙවෙද...........තොපි මේ බොරු පලන්නෙ දෙයියො බුදුන් ට තුන්සිය හැටපස් දවසෙ සතියෙ හත් දවසෙ...විසිහතර පැයේම පහන් අවුලන කන්නලව් කරන දෙයොයො පවා ලගින තැනක.....එහෙව් එකේ තොපි කොහොමද ඔය බොරු ගොතන්නෙ....ආ.....
මම මනෙ දදා උන්න එකාගෙ පිට මැදටම ගැහුවා ...සෙම එක්ක ලේ කැටියක් හිර උන ඒකා ආයම සෙම ගුලිය එලිය දාලා ඒකා නෙවෙම කියන කොට අග්නි මගෙ ගාවට ආවා....
"ගලවගනින් ඕකට නොතේරෙන්න කෙස් අහුරක් ......හිරකරපන්.ඕකගෙ කටහඩ තුන් වරුවක්....ලෙඩේ කියාගන්ඩ තියා...ඕකට කෙලින් ඉන්ඩ බැරිවෙන්ඩ ....අර මිනිහගෙ කදුලු වලට හරියන්ඩ....බැදපන් මේකගෙ කට තුන් වරුවක්....."