Xiao Zhan's POV
"මම එහෙනම් යනවා සර්
හවස් වෙලා එන්නම් "" හරි මේරී මමා
පරිස්සමින් යන්න "මේරී මමාට සමුදීපු මම door එක වැහුවෙ රාජකාරී ගොඩකින් මගෙ ඔලුව පුරවන්.
අද මම නයිට් ශිප්ට් එක කරන නිසා උදේ ඉදන් හවස් වෙනකම්ම ගෙදර.
ඒ නිසා මම මේරී මමාව නිදහස් කලේ එයාගෙ ජොබ් එක මම භාර අරගෙන .මම මේ විදිහට ගෙදර ඉන්න දවසට මේරී මමාට චූටි විවේකයක් දෙන එක මගෙ පුරුද්ද.
කෙනෙක්ට කියන්න පුලුවන් ඒක එයාගෙ ජොබ් එක කියලා.හැමදේම සල්ලි නිසා කියලා.
ඔව් මට මගෙ බබීට මේරී මමා එක්ක තියෙන බැඳීමේ අත්තිවාරම සල්ලි
ඒත් සමහර හැඟීම් තියනවා ඒ හැඟීම එන්නෙ හදවතින්ම කියලා තේරුම් ගන්න පුලුවන්.මේරී මමා මගෙ බබීගෙ නැනි වෙලා තාම මාස තුනක් වගේ ඒත් මේ මාස තුනට මම වගේම මගෙ බබීත් මේරී මමාට හුඟක් සමීප වුනා.
මේරී මමා වුනත් එහෙමයි.මගෙ බබීට මම මමා කෙනෙක් ඒකේ කිසිම සැකයක් නෑ.එයාට මාව ඕනෙ මමා කෙනෙක් විදිහට නම් මම දෙපාරක් නොහිතාම එයාගෙ මමා වෙනවා.එයා බලාපොරොත්තු වෙන්නෙ මගෙන් පපා කෙනෙක් නම් දෙපාරක් නොහිතාම මම එයාට පපා කෙනෙක් වෙනවා.
එයා මමා පපා කියන දෙන්නම මගෙන් බලාපොරොත්තු වෙනවා නම් මට පුලුවන් එයාට ඒ දෙන්නවම වෙන්නඒත් මම පිරිමියෙක්. කොහොම කලත් මම පිරිමියෙක්.පිරිමියෙක්ගෙ පපුවෙන් දැනෙන උණුහුමයි ගෑණියෙක්ගෙ පපුවෙන් දැනෙන උණුහුමයි කියන්නෙ එකක් නෙවේ දෙකක්.
මගෙ බබී ඒ උණුහුම විදලා තියෙන්නෙ එක මාසයක් විතරයි .එයාත් ආස ඇති ගෑණියෙක්ගෙන් මමා කියන උණුහුම ලබන්න .jie නැති වුනායින් පස්සෙ එයා ඒ උණුහුම චුට්ටක් හරි වින්දෙ මේරී මමාගෙන්.මම දන්නවා මගෙ දරුවාට මම දෙන ආදරේ මේ ලෝකෙ කාටත් දෙන්න බෑ කියලා.
ඒත් ඒ ආදරේට සමාන නැතත් මගෙ දරුවාට පිරිසිදු ආදරයක් දෙන අය අතර කෙනෙක් තමා මේරී මමා කියන්නෙ.ඒ හැඟීම හදවතින්ම ආපු හැඟීමක් මිසක් සල්ලි නිසා ඇති වුන හැඟීමක් නෙවේ කියන්නෙ මම දන්නවා.මොකද පපුවට බර හැඟීම් පපුවෙන් හංගන්න හරි අමාරුයි ඒවා දැන්නෙ පපුවටමයි.මගෙ බබීට විතරක්ම නෙවේ මමාගෙ දුරස් වෙලා ඉන්න මටත් මේ මාස කීපෙට මේරී මමා මමා කෙනෙක් වුනා.
ඉතින් අපි තුන් දෙනා අතර තියෙන බැඳීම මුදල් මතම පදනම් වෙච්ච බැඳීමක් නෙවේ.
ඊට එහා ගිහින් හදවතින් බැඳිච්ච බැඳීමක් .