Xiao zhan's pov
" අපි කොහෙද මේ යන්නෙ"
වීදුරුවෙන් වට පිට බලන ගමන් මම එහෙම ඇහුවෙ ඩ්රයිව් කරන ගමන් උන්න Yibo ගෙන්.
".........."
" කතා කරන්නකො අනේ
කොහෙද අපි මේ යන්නෙ?"එයා මගෙ ප්රශ්නෙට උත්තර නොදුන්න නිසා මම ආයේම පාරක් එයාගෙන් ඒ ප්රශ්නෙම ඇහුවෙ එයාගෙ අතකුත් හොලවන ගමන්.
" Wang mansion එකට"
" මොකක්
පිස්සු හැදිලාද මනුස්සයො"එයා දුන්න උත්තරෙත් එක්ක තරු පෙනුන මම එහෙම ඇහුවෙ පුදුමෙන්.
හවස gege එක්ක වෙච්ච ප්රශ්නෙන් පස්සෙ එයා මාත් එක්කත් කතා කලේ නෑ. Gege එයාගෙ පස්සෙන් යන්න කියලා මට කිව්වා වුනත් එයා මට එයාගෙ ළඟට එන්න එපා කියලා බෙඩ් රූම් එකට ගිහින් දොර වහගත්තා.මම කොච්චර කතා කරන්න උත්සහා කලත් එයා කිව්වෙ එයාට තනියම ඉන්න දෙන්න කියලා වෙනකොට මම ආයේම එයාට කරදර කරන්න ගියෙ නෑ.ඊට ටික වෙලාවකට පස්සෙ ගෙනියන්න ඕනෙ හැමදේම හදාගත්තු අපි ලෑස්ති වුනෙ Qingpu යන්න වෙද්දි ඒ වෙලාව වෙනකම්ම Yibo නම් කාමරෙන් එළියට ආවේ නෑ.මම gege ලගෙ කාර් එකට නගින්න හැදුවාත් අන්තිම මොහොතෙ ආපු Yibo මාව නවත්තලා බලෙන්ම මාව එයාගෙ කාර් එකට ගොඩ කරගත්තා වෙද්දි බබීව Lulu jie අරගෙන ගියා. අනිත් හැමෝම qingpu යන්න පිටත් වුනා වුනත් අපි දෙන්නා මේ යන්නෙ කොහෙද කියලා මට අවබෝදයක් තිබුනෙ නෑ. එයා මට කිව්වෙත් නෑ.ඇහුවොත් ආයේම සැරයක් කෑගහන්න ලෑස්ති වෙයි කියලා හිතුන නිසා මම ඒ ගැන අහන්න ගියෙත් නෑ ඒත් හිතේ තිබුන කුතුහලේ වැඩි වුන නිසා මගෙ කට ඉස්සර වුනා.
අපි මේ යන්නෙ Wang mansion එකටලු. මේ මිනිහාට ඔලුවෙ අමාරුව.
" නෑ පිස්සු හැදුනා නෑ
හැබැයි එක එකා එක්ක එකතුවෙලා මට පිස්සු හදවන්න නම් ගියා"හරි අමාරුවෙන් නිවාගෙන හිටපු එයාගෙ තරහා ආයේම උඩ එන ගමන් තිබුනා..
" Yibo දැන් ඇති ආ..."
" මොනවාද ඇති
මොනවාද කියනවා ඇති"" මොකක්ද Yibo ඔයා ඔය කතා කරන විදිහා ආ... සතුන්ට වගේ
මොන නැහැදිච්චකමක්ද ?"