Chapter 91

690 81 18
                                    

Xiao zhan's Pov

" මොකටද ආවේ"

දොර ඉස්සරහා හිටගෙන හිටපු කෙනාගෙ උඩ ඉදන් පහළට බලපු මම එහෙම ඇහුවෙ කේන්තියෙන් දත් මිටි කාගෙන.

" අරූව මේ දැන්ම එළියට දාන්න සර්"

" මං ගැන ඔත්තු බලන්න එපා කියලා මම තමුන්ට කී සැරයක් කියලා තියනවාද ඩෙනී...ආ.....
මොන වදයක්ද මේ"

වැඩි සද්දයක් මගෙ හඩින් පිට නොවුනාත් ඩෙනීට ඇහෙන ගානට මම කෑගැහුවා.මට කේන්ති.චුට්ටක් නෙවෙයි ගොඩක් කේන්ති.

" වද දෙන්න ආවා නෙවෙයි සර්
පාඩුවෙ අරූව එළිය දැම්මා නම් ඩෙනීයා කැපුනා.
සර්ටත් ලේසී මටත් ලේසී කරුණාකරලා ඔය ඇතුලෙ ඉන්න ඩයල් දෙකව එළියට දාන්නකො"

ඩෙනී මට අණ කලා.
මෙච්චර වෙලාවක් මම ඉවසීමෙන් හිටියා වුනත් ඩෙනීගෙ අණත් එක්ක මට මාරයා ආවේශ වුනා.

" මගෙ ගෙදරට යන එන උන්ව තීරණය කරන්නෙ මම මිසක් තමුන් නෙවෙයි ඩෙනී.අනික මට අණ දෙන්න එන්න එපා.තමුන්ගෙ අණ පිලිපදින්න මොකද මම තමුසෙගෙ ගෑණි නෙවෙයිනෙ"

" මගෙ ගෑණු වුනා නම් දත් දෙක බඩට ඇරලා එක එකාව ගෙට දාගන්නවාට"

" මොකක්ද තමුන් කිව්වෙ?"

" අහ් මොකුත් නෑ සර්.මම කිව්වෙ කොහොමත් ගෑණියෙක් නෙවෙයි පිරිමියෙක්නෙ"

ඩෙනී කුටු කුටු ගාලා කිව්වෙ මොකක්ද කියන්න මගෙ කන් වලට සහසුද්දෙන්ම ඇහුනා වුනත් ඒ ගැන මම අහද්දි එයා බොරු කිව්වා.

" ඒවා වැඩක් නෑ කෝ මට ඇතුලට එන්න දෙන්නකො සර්"

ඩෙනී එහෙම කියන ගමන් ගේ ඇතුලට එන්න හැදුවා වුනත් මම දොර හරස් කරගත්තා. එහෙම කොහොමද කොහෙවත් ඉන්න මිනිස්සු මගෙ ගෙට රිංගන්නෙ.අනික කිසිම අවසරයක් නැතුව? නෑ කීයටවත් නෑ.ඩෙනීලා එක්ක දැන් මට ගණුදෙනුවක් නෑ එහෙම එකේ මගෙ ගෙදරට රිංගන්න ඩෙනීට කිසිම අයිතියක් නෑ.මම ඒකට ඉඩ දෙන්නෙත් නෑ.

" කොහෙ යන්නද? Wang Yibo ගෙ නම ගෑවුන උන්ට මේ ගෙයි දොරවල් වැහුනෙ අදක ඊයෙක නෙවෙයි ඩෙනී.මම මේක තමුන්ට කියන කී වෙනි පාරද කියන්න මම දන්නෙ නෑ ඒ වුනාට මම ආයේම කියන්නම් මගේ ගේ පේන මානෙවත් ඉන්න එපා.මම කැමති නෑ"

𝙼𝚢 𝙳𝚎𝚊𝚛 𝙻𝚒𝚏𝚎 𝙿𝚊𝚛𝚝𝚗𝚎𝚛 ( 𝚈𝚒𝚉𝚑𝚊𝚗 𝙵𝙵 ✅ )Where stories live. Discover now